කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඉහළ වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.Sri Lanka Latest News
මවුස්සාකැලේ ජලාශයේ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජලය ධාරිතාව පිටාර මට්ටමට අඩි 09 ක් පහලින් තිබෙන බවත්, කාසල්රි ජලාශයේ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , මේ වන විට ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 12 ක් පහලින් තිබෙන බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශයන් දෙකේම ජල ධාරිතාව ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය










