• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බද්දේගම තාත්තගෙ ජීවිතය බිලිගත්තේ ඇම්බියුලන්ස් එකද? මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
බද්දේගම තාත්තගෙ ජීවිතය බිලිගත්තේ ඇම්බියුලන්ස් එකද? මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගිලන් රථයක නළා හඬ ඇහෙනකොට අපි හැම දෙනාගේම හදවත්වල කම්පනයක් ඇතිකරනවා. අසාද්‍ය රෝගියෙක් ජීවිතය යදින බව ඒ නළා හඬත් එක්ක අපේ හිතට දැනෙනවා. ඒත් ඇතැම් ගිලන් රථ ඇතුළේ සිටින මිනිස්සු අකාරුණිකව කටයුතු කිරීම නම් කනගාටුවට කරුණක්. ජීවිතයක වටිනාකම මිනිස්සු තේරුම්ගත යුතුයි. එක තත්පරයක් ඇති මිනිස් ජීවිතයක ඉරණම වෙනස් වෙන්න.Sri Lanka Latest News

අද ඔබට කියන්න සූදානම් වෙන මේ කනගාටුදායක සිදුවීමට පසුගිය 03 වැනිදා මුහුණපා තිබුණේ බද්දේගම මීමැඩුම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකුයි. සුළු අසනීප තත්ත්වයක් තිබෙන ඔහු පයින් ඇවිදගෙන ඇවිත් ගිලන් රථයකට නැග්ගේ රෝහලට ගොස් ප්‍රතිකාර ගැනීමේ අරමුණෙන්. ඔහු සිය පාදවල හටගත් ආබාධයක් හේතුවෙන් බද්දේගම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබූ අතර, රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඔහුව මාරුකර යැවීමට රෝහල් කාර්ය මණ්ඩලය තීරණය කර තිබුණා. ඒ අනුව ඔහු ගිලන් රථයකින් රැගෙන ගොස් ඇති අතර, දින 03ක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලොව හැරගොස් තිබුණා.
මොහුගේ ඥාතීන් චෝදනා නගන්නේ ගිලන් රථයෙන් රැගෙන යාමේදී ඔහු ගිලන් රථයෙන් ඇදවැටී ඇති බවටයි. ගිලන් රථයෙන් ඇදවැටී ඇති රෝගියාව වෙනත් ගිලන් රථයකට මාරු කරගන්නා සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් ඥාතීන් දැක තිබුණේ අදාළ ප්‍රදේශයේ මාධ්‍යවේදියකු සමාජ මාධ්‍යයට එක්කර තිබියදීයි. කෙසේ වෙතත් රෝගියාගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ ඔහු වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ පුද්ගලයා තම නිවසින් රෝහලට රැගෙන ගියේ පසුගිය 27 වැනිදායි. එදින 1990 අමතා මහ පාරටම පයින් ගමන් කර පසුව ගිලන් රථයෙන් බද්දේගම රෝහලට ගිය බවයි ඥාතීන් පවසන්නේ.

මේ සිදුවීම පිළිබඳ බද්දේගම ප්‍රදේශයේ මාධ්‍යවේදියෙක් පැවැසුවේ මෙවැන්නකි.
‘බද්දේගම රෝහලේ ගිලන් රථයකින් රෝගියෙක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටියට ගියා. පාරෙදි ගිලන් රථයෙන් වැටුණු ස්ථානය තමයි මේ පේන්නේ. පා ගමනින් ඇවිල්ලා ගිලන් රථයට නැග්ග රෝගියා කරාපිටිය රෝහලට යනකොට බාගෙට මැරිච්ච ලෙඩෙක් බවට පත්වෙලා තියෙනවා. වැටිලද පැනලද කියලා තාම පරීක්ෂණ කරනවා. අපි බද්දේගම පොලිසියට ගියාම තොරතුරු ටිකක් දෙනවා. පෝද්දල පොලිසියට ගියාම කියනවා පොලිස් මාධ්‍ය ඒකකයෙන් තොරතුරු ගන්න කියලා. හැබැයි ගිලන් රථ රියැදුරාගෙන්වත් වෙනත් අයගෙන්වත් ලබාගත් තොරතුරක්වත් අපට දුන්නේ නැහැ. සිදුවීම වූ ස්ථානයේ සහ රෝහලේ ඉඳලා ආව සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කළාද කියලා අපට තොරතුරු දුන්නේ නැහැ. මම ගිලන් රථ රියැදුරෙකුගෙන් දැනගත්තා රෝගියෙක් ගිලන් රථයකින් වැටිලා මියගිහින් කියන තොරතුර. ඒ අනුව තමයි මේ දේ දැනගත්තේ. ගෙදර කට්ටියවත් දැනගෙන හිටියේ නැහැ මරණයට හේතුව මොකද්ද කියලා. මම මේක සමාජ මාධ්‍යයට දැම්මට පස්සේ තමයි මේ සිදුවීම දැනගත්තේ. මරණය සැකයි කියලා රෝහලෙන් දුන් රිසිට්පතක් විතරයි තිබුණේ. මාධ්‍යයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. සෞඛ්‍ය අංශයේ බලධාරීන්, ලේකම්තුමා මේ සම්බන්ධයෙන් උපරිම සාධාරණයක් ඉටුකළ යුතුයි…’

මියගිය තම පියා වෙනුවෙන් දියණිය හදවතේ වේදනාව සඟවාගෙන මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මෙසේයි.
‘තාත්තා දවස් 3ක් විතර ඉස්පිරිතාලේ හිටියා. මම කෑමත් අරන් තාත්තාව බලන්න ගියා. ඉස්පිරිතාලෙට ඇතුළත් වුණේ ගිය මාසේ 29 වැනිදා. මම එදා රෑ 7ට විතර ඉස්පිරිතාලෙට ගියා. මම යනකොට තාත්තා නාලා බිස්කට් කාලා හොඳට කතා කර කර හිටියා. කකුල් දෙකේ තුවාල ඇරෙන්න තාත්තාට වෙන ලෙඩක් තිබුණේ නැහැ. තාත්තාට මම කිව්වා හෙට මට එන්න වෙන්නේ නැහැ දරුවාගේ පන්ති තියෙනවා කියලා. තාත්තා මගේ පස්සෙනුත් ආවා. ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර යනකොට මගක් දුරට. ‘හා පුතේ කමක් නැහැ’ කියලත් කිව්වා. මට ඊට පහුවදා යන්න බැරිවුණා. පස්සේ මට කෝල් එකක් ආවා පහළ ගෙදරින්, තාත්තා බද්දේගම රෝහලේ නැහැ. කරාපිටියට ගෙනිහිල්ලා කියලා. මම කිව්වා මම ගිහිල්ලා බලන්නම් කියලා. ඊට පස්සේ මම බද්දේගම රෝහලට ගිහිල්ලා ඇහුවාම කිව්වා ඊයේ රෑ 11ට විතර තාත්තා කියවන්න අරගෙන කරාපිටියට ඇඩ්මිට් කළා කියලා. රෑ නිසා එදා අපිට කරාපිටියට යන්න බැරි වුණා. ආපහු 31 වැනිදා උදේ කරාපිටිය හොස්පිටල් එකේ හදිසි ප්‍රතිකාර ඒකකයට දාලා කියලා දැනගෙන මම එතැනට ගියා. ගියාම නර්ස් කෙනෙක් ඇවිල්ලා ඇහුවා කවුරු බලන්නද ආවේ, ලෙඩාගේ නම මොකද්ද කියලා. මම තාත්තාගේ නම කිව්වාම ජැකට් එකක් ගෙනල්ලා දීලා මට කිව්වා එන්න ඇතුළට කියලා. මම ඇතුළට ගියාම, මම දැක්කේ තාත්තගේ තට්ටේ ගාලා තියෙනවා. ඔළුවෙන් බට දාලා, බෙල්ලෙන් බට දාලා, කටින් බට දාලා ඉන්න තාත්තව මම දැක්කේ. අපි ඇහුවා මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට කිව්වා ලොකු ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ ඕගොල්ලෝ මේ ගැන මුකුත් දන්නේ නැද්ද කියලා. ගිහිල්ලා ඩොක්ටර් එක්ක කතා කළාම ඔහු ඇහුවා ඔයාට බද්දේගමින් මුකුත් කිව්වේ නැද්ද කියලා. මම කිව්වා නැහැ කියලා. ඔයාගේ තාත්තාගේ මොළේ ටූටි ප්‍රමාණයයි හොඳට තියෙන්නේ කියලා කිව්වා. අනිත් ඔක්කොටම ලේ බැහැලා කිව්වා. තුවාල වෙලා තියෙනවා මම දැක්කා. 01 වැනිදා උදේ තාත්තා නැතිවුණා…’

‘ඔළුව පිටිපස්ස තුවාල වෙලා තියෙනවා තාත්තා වැටුණද නැත්නම් මොකක් හරි රණ්ඩුවක් වුණාද ඇහුවා. අනිත් ඔක්කොටම ලේ බැහැලායි කිව්වා. මරණ පරීක්ෂණයට දැම්මට පස්සේ කිව්වා තාත්තාගේ බෙල්ල වටේම තුවාල වෙලා, තුවාල වෙච්ච උරහිස නෙවෙයි අනෙක් උරහිස කැඩිලා කියලා. ඉන දෙපැත්තත් තුවාල වෙලා. එක අතකුත් තුවාල වෙලා. කවුරු හරි ඔයාලට සැකද ඇහුවා. අපි කිව්වා මරණය සැකයි කියලා. ෆේස්බුක් එකේ පෝස්ට් වගයක් පළවෙලා තිබ්බා ගිලන් රථයෙන් වැටිලා තමයි තාත්තා නැතිවෙලා තියෙන්නේ කියලා. අපි ඒක අහන්න පොලිසියට ආපහු ගියා. තාත්තා දොර ඇරගෙන ගිලන් රථයෙන් එළියට පැනලා මේ අනතුර සිදුවෙලා කියලා කිව්වා. ගිලන් රථයේ ආව එක්කෙනා ඇවිත් කටඋත්තරයක් දුන්නයි කිව්වා. මේ සිදුවීම පෝද්දල පොලිසියට භරදුන්නයි කියලා කිව්වා.’

අපි ගෙදර ඇවිත් මරණයේ කටයුතු සිදුකළා. අපිට 06 වැනිදා කෝල් එකක් ආවා බද්දේගම පොලිසියෙන් 07 වැනිදා පොලිසියට එන්න කියලා. 07 වැනිදා අම්මයි මමයි නංගියි ගියා. GMO සර් කතා කරලා කිව්වා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා හොයන්න කියලා. අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ෆේස්බුක් එකේ පෝස්ට් එක දැකලා තමයි අපි දැනගත්තේ. අපි පොලිසියට ගිහින් ඇහුවාම කිව්වේ තාත්තා දොර ඇරගෙන පැනලා කියලා. තාත්තා වැටිලා තියෙන්නේ නේපාවල පැත්තේ නිසා පෝද්දල පොලිසියට භාරදුන්නායි කියලා…’

දුවෙක් තමන්ගේ තාත්තා වෙනුවෙන් හදවතේ කැකෑරෙන වේදනාවයි එහෙම පිටකළේ. ඔවුන් හරිම අසරණ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ඔවුන්ට මුදල් ඕනෙ විදියට වියදම් කරන්න පුළුවන්කම තිබුණා නම් පෞද්ගලික රෝහලකට තම පියාව ඇතුළත් කරන්න තිබුණා. එහෙනම් අදත් මේ පියා ජීවතුන් අතර සිටින්නට තිබුණා.
සැබෑ ලෙසම මේ අනතුරට හේතුව ගිලන් රථයෙන් මෙම රෝගියා පැනීමද? එසේත් නොමැති නම් ගිලන් රථයේ සිටි සේවකයන්ගේ නොසැලකිලිමත් බවද? එය ඉදිරියේදී තීරණය වනු ඇත.

ලෙඩෙක් ගිලන් රථයකින් ගෙනියනකොට කොයි තරම් ප්‍රවේසම් විය යුතුද? කොයි තරම් ආරක්ෂාවක් ලෙඩාට ඇම්බියුලන්ස් එක ඇතුළේ සැපයිය යුතුද? ඒක රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමක්. මෙවැනි දේවල්වලට නීතිය හරිහැටි ක්‍රියාත්මක විය යුතුයි. මොකද අහිංසක ජීවිතයක් මේ අහිමිවුණේ. මෙවන් දෙයක් යළිත් රෝගියකුට සිදු නොවන්නට අදාළ බලධාරීන් වගබලාගත යුතුයි.

වර්තමානයේ ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගීන්ට හරිහැටි සලකන්න දන්නේ නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ලෙඩෙක් රෝහලකට යන්නේ යම්කිසි සහනයක් බලාපොරොත්තුවෙන්. රෝගියකුට සෑම විටම අවශ්‍ය වන්නේ ආදරය කරුණාව. අද වෙනකොට ඒ ආදරය කරුණාව බොහෝ සෞඛ්‍ය සේවකයන්ගෙන් ගිලිහිලා. මුදල් මත යැපෙන, මුදල් ඇති අයට සලකන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බිහිවෙලා. ඉතාම අවාසනාවන්ත ඛේදනීය තත්ත්වයකට සමාජය පත්වෙලා. ඒත් කිසිදු ආත්ම ලාභයකින් තොරව රෝගීන්ට ඉතා හොඳින් සලකන වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලද අපේ රටේ සිටින බව නොකියාම බැහැ.

කෙසේ වෙතත් මේ මරණය පිළිබඳ නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක විය යුතුයි. අහිංසක රෝගීන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. එය අපි හැමෝගෙම බලාපොරොත්තුවයි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

විසඳුම් නොලැබූ රිළව් සංගණනය! Sri Lanka Latest News

Next Post

අධ්‍යක්ෂවරයායි අමාත්‍යංශ ලේකම්වරු 25කුයි එක්ක තිබ්බ සාකච්ඡා අසාර්ථකයි! වෘත්තීය සමිති නායකයන් සාකච්ඡාව අතරමැදදී විරෝධය පා නැගිට යයි! විදුලි වර්ජනය දැඩි වන ලකුණු! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.