• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විසඳුම් නොලැබූ රිළව් සංගණනය! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවේ රිලවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්! ලක්ෂයක් චීනෙට පටවන්න සූදානම් ‌වෙයි!
Share on WhatsAppShare on Facebook

අප ජීවත්වනු ලබන, අප වටා ඇති පරිසරය කියන්නෙම මැවුම්කාරී ලෝකයකි. ඒ මැවුම්කාරී ලෝකයෙහි සුන්දර බව වෙනුවෙන් ස්වභාවධර්මය හිමිකරදී ඇති දායාදයන් ඉතා අගනේය. මානව පරිණාමය මෙන්ම සත්ව පරිණාමයද ස්වභාවධර්මය හමුවේම මවන්නක් ලදැයි එනයින් අපට අරුත් ගන්වාගත හැකිය. මන්දයත් මානවයාගේ පැවැත්මත් හා ස්වභාවධර්මයාගේ පැවැත්මත් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවක් පවතින නිසාවෙනි. හුදෙක් මානවයා හට ස්වභාවධර්මය නොමැතිව ජීවත්විය නොහැකිය. එලෙසින්ම මානවයාගේ පැවැත්ම නොමැතිව ස්වභාවධර්මයා හටද පැවැත්විය නොහැකිය. මෙය හුදෙක් ලෝක ස්වභාවයයි. එම කියමන සනාථ කරමින් නිදසුන් සැපයීමේදී ස්වභාවධර්මයෙහි පවත්නා ගහකොළ, ඇළ දොළ, සතා සිවුපාවා නොමැති නම් මානවයා හට ජීවත්වීමට තරම්වත් හැකියාවක් නොමැත. ඒ කෙසේදයත් අප ජීවත්වීම වෙනුවෙන් හුස්ම පොද පවා ගනු ලබන්නේ සොබාව ධර්මයේ ආනුභාවයෙනි.Sri Lanka Latest News

සොබාව ධර්මයෙන් ලද එවැනි වටිනාකමක් හමුවේ මානවයා තත් කාලයෙහි පරිසරයත් සමග ගනුදෙනු කරන ආකාරය ඉතා ඛේදනීය වේ. මන්දයත් ඔවුන් නිරන්තරයෙන්ම සිතනුයේ ලෝකය තුළ ජීවත්විය යුත්තේ මිනිසුන් පමණක්ම බවයි. එය තවදුරටත් පැහැදිලි කිරීම වෙනුවෙන් වර්තමාන ලෝකයෙහි කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ එනම් අප රට තුළ ජෛව විවිධත්වයට සිදුව ඇති පරිහානිය අපරිමිතය. ගඟක, ඇළක දොළක දිය නෑමට ගියහොත් එම ස්ථානය විනාශ කරනු ලබයි. වනාන්තර නැරඹීමට ගියහොත් එතැනද විනාශ කරනු ලබයි. පාරක තොටකින් ඇවිද ගියහොත් අවම ටොෆි කොලයක් හෝ බිම දමයි. හැකිතාක් ගස් කොලන් කපාදමයි. වන සතුන්ට ඔවුන්ගේ වාසස්ථාන අහිමි කරනු ලබයි. මේ හුදෙක් මානව ක්‍රියාකාරකම්ය. මානවයා යනු ලොව උසස්ම බුද්ධියක් ඇති සත්ව කොට්ඨාසය බවට හඳුන්වනු ලැබුවද ඔවුනගේ එම උසස් බුද්ධියට නොහැඟෙන කාරණයක් පවතී. එනම් ස්වභාවධර්මය හමුවේ අපට හිමිවී ඇති මෙම උත්තරීතර පාරිසරික දායාදයෙන් අපේ ජීවත්වන බවය. තවද එමගින් අප හුස්ම පොද ගන්නා බවය. නිරන්තරයෙන්ම ස්වභාව සෞන්දර්යය අප රැකගත්තේ නොමැති නම් මානව ආයුෂ කෙමෙන් කෙමෙන් අඩුවන බව උත්තරීතර මානව ප්‍රජාවට නොදනීම එක් පසෙකින් ඛේදනීය තත්ත්වයකි.

මිනිසා පමණක් නොව සත්වයන් හටද මෙලොව ජීවත්වීමට මූලික අයිතියක් ඇත. ඒ කෙසේද යත් මෙලොව තනා ඇත්තේ කිනම් හෝ දෙවියෙක් වුවද මිනිසා මෙන්ම සත්වයන්ද මවා ඇත්තේ ලෝකයේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙනි. මානව පරිණාමයේ පටන් මානවයාගේ පැවැත්මට මෙන්ම සත්වයින්ගේ පැවැත්මටද මේ දෙපාර්ශ්වයේම පවත්නා අන්‍යොන්‍ය සම්බන්ධතාව ඉතාමත් වැදගත් වේ. එසේ වීද වර්තමානය වනවිට සත්වයන් හට ජීවත්වීමේ අයිතිය මානවයා විසින් උල්ලංඝනය කොට ඇත. සත්වයන් ජීවත්වන්නේ වනාන්තරයේය. මන්දයත් ඔවුන්ගේ ජීවිත තැනී ඇත්තේ වනාන්තර නිජබිම කොටගෙනය. මානව පරිණාමය තුළ මානවයාද මුල් කාලීනව වනාන්තර වාසස්ථාන තනාගෙන ජීවත් වී ඇත. සත්වයන්ට වඩා මානවයා උසස් වන බැවින් මානවයා ඔවුන්ගේ ජීවිකාව පහසු කරගැනීමට මෙන්ම සුවදායී ජීවිතයක් ගතකිරීමට නිවාස කරා පරිණාමය විය. එනමුත් වර්තමානය තුළ වී ඇත්තේ සත්වයන්ගේ වාසස්ථාන වන වනාන්තරද මිනිසා විසින් අයිති කොට ගැනීමයි.

ඒ අනුව පසුගිය සමයේදී නිරන්තරයෙන්ම කතාබහට ලක්වූ තේමාවක් වූයේ රිළා – වඳුරු ගැටලුවයි. එහිදී හුදෙක් මිනිසාගේ ගැටලුව වූයේ රිළවුන්ගේ ගහනය නිරන්තරයෙන්ම වර්ධනය වීම මෙන්ම ඔවුනගෙන් සිදුවූ වගා හානි පිළිබඳවයි. තවදුරටත් සඳහන් කිරීමේදී නම් හුදෙක් මගේ අර්ථකථනයට අනුව නම් මිනිසා සුළුවෙන් හෝ මෙකී ක්‍රියාවලිය පිළිබඳ නොසිතනුයේ මන්ද යැයි ඉතා සෝචනීය තත්ත්වයකි. මිනිසා නිරන්තරයෙන්ම ඔවුනගේ දියුණුව පිළිබඳ පමණක් සිතයි. ඒ මන්දයත් කෘෂිකර්මාන්තය මත යැපෙමින් වගා කටයුතු කරනුයේ ග්‍රාමීය ගැමි ජනතාවයි. එහිදී හුදෙක් ඔවුන්ගේ භූමි සීමාව තුළ පමණක් නොව ඔවුන් වනාන්තර එළිකරමින් හේන් ගොවිතැනේ යෙදීමෙන් සත්වයන්ගේ වාසස්ථාන අහිමි කිරීමක් සිදුකරනු ලබයි. එහිදී මානවයා ඔවුනගේ පැවැත්ම පමණක්ම ඔවුන් සිතා බලයි. ගොවිතැන් කිරීමට නම් නිතැතින්ම කැලෑ එළි කරමින්, කැලෑ ගිනි තබා භූමිය සකස් කරගත යුතුය. කැලෑ එළිකිරීමෙන් සත්වයන් ගම්වැදීම සහ සත්වයන්ගේ වාසස්ථාන මිනිසා විසින් බලහත්කාරයෙන් හිමිකර ගැනීම හේතුවෙන් හුදෙක් සත්වයන් ගම්වදිනු විනා ඔවුන් කොහේ නම් යන්නදැයි මාගේ අර්ථකථනයයි. රිළවුන් හට පමණක් නොව වන අලින්ටද අත්වී ඇති ඉරණම මෙයයි.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ රිළව් ගහනය නිරන්තරයෙන්ම වැඩිවීම කරණකොට ගෙන උන් අල්ලා පිටරට පැටවීම හා රිළවුන් වඳ කිරීමටත් රජයෙන් පියවර ගත් පුවතක් පසුගිය සමයේදී අපට අසන්නට ලැබිණි. එහිදී අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශයන්හි රිළවුන් බොහෝ සෙයින් සිටි බව වාර්තා වී ඇත. එම ප්‍රදේශවල මිනිසුන්ගේ මෙම රිළා ගැටලුවට විසඳුමක් වශයෙන් රජයෙන් මූලාරම්භයේදී රිළවුන් අල්ලා යවන බව සැලකොට කඳුකර ප්‍රදේශවලට මුදාහැර ඇත. එනයින් හුදෙක් වූයේ ගැටලුව දෙගුණ තෙගුණ වීමයි. ඒ මන්දයත් කඳුකර ප්‍රදේශවල පුවක් වැනි වගාවන් සඳහා රිළවුන්ගෙන් සිදුවන හානිය ඉතාමත් ප්‍රබල වන බැවිනි. කෙසේ වුවද සත්වයන්ගේ ගහනය අපට වළක්වාලිය නොහැක. මන්දයත් ඔවුන්ද මෙම පරිසරයේ හිමිකාරයෝ වේ. කෙදිනක හෝ කිසිවකු හෝ විමසුවේද නැතිනම් ප්‍රශ්න කළේද මිනිසුන්ගේ ගහනය වැඩිවන විට ඔවුන්ව පිටරට පැටවීම හෝ ඔවුන්ව වඳකිරීම පිළිබඳව. සත්වයන් යනුත් පරිසරයේම කොටසක් නොවේද? ඔවුන් ද මිනිසුන් මෙන්ම වර්ධනය වන කොට්ඨාසයකි. මිනිසුන්ගේ ගහනය වැඩිවන විට මිනිසා කරනුයේ වනාන්තර එළි කරමින් ඔවුන්ට වාසස්ථාන තනා ගැනීමයි. ඉදින් එහිදී සත්වයන් හට ඔවුන්ගේ හිමි වාසස්ථානද අහිමි වේ. මෙම ගැටලුව කිසිවකුත් විමසුම් නොකිරීම හුදෙක් මාගේ ගැටලුවයි. මෙය හුදෙක් මාගේ අර්ථකථනයක් පමණි. රිළවුන්ගේ ගහනය ගැටලුවක් වීද, ගැටලුවක් ලෙස එයට සාර්ථක ලෙස විසඳුමක් සෙවීම නිරන්තරයෙන්ම සිදුකළ යුතුය.

රිළව් ගහනය වර්ධනය වීම හේතුකොට ගෙන ඊට විසඳුමක් වශයෙන් වර්තමාන රජය හමුවේ ගනු ලැබූ විසඳුමක් වූයේ රිළවු සංගණනයයි. එක් දිනක් තුළ එක් ප්‍රදේශයකට එනු ලබන රිළවුන් ප්‍රමාණය ගණනය කොට සංගණනය කිරීමට ඔවුහු එහිදී කටයුතු කළහ. හුදෙක්ම සංගණනය සිදුකර අද වනවිට මාස හයක් ගත වුවද වඳුරන් සහ රිළවුන් හේතුවෙන් විටින් විට පීඩාවට පත්ව සිටින බව බොහෝ ප්‍රදේශවල ගොවීන් පවසනු ලබයි. පවතින ගැටලුව නම් සංගණනය මේ අයුරින් සිදුකිරීමයි. මන්දයත් නිශ්චිතවම මෙම සංගණනය තුළින් රිළවුන් හා වඳුරන් ප්‍රමාණය හඳුනා ගැනීමට නොහැකි වීමයි. එක් ආකාරයකින් මෙම ක්‍රියාවලිය හුදෙක් මුග්ධ ක්‍රියාවක් ලෙස වුවද හැඳින්විය හැකිය. මන්දයත් එක් දිනකදී එක නිවසකට හෝ නිවස ආශ්‍රිතව ඔවුන්ගේ භූමි කොටසට පැමිණෙන රිළවුන් සහ වඳුරන් ප්‍රමාණය අනෙක් දිනයන්හිදී වෙනස් වීමයි. එය නම් කුඩා දරුවෙක්ට වුවද අවබෝධ වන කරුණකි. තවද මෙම මුග්ධ ක්‍රියාවලියෙහි පවත්නා බරපතළ තත්ත්වය නම් ලක්ෂ විසිහතක් මෙම සංගණනය වෙනුවෙන් වියදම් කිරීමය. එනමුත් මෙම සංගණනයෙන් වූ ප්‍රතිඵලයක් නොමැත.

කතරගම ගොවීන් මෙන්ම කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ද පවසනුයේ වඳුරන් හා රිළවුන්ගේ බෝවීම තමන්ට මහත් පීඩාකාරී වටපිටාවක් ඇති කර ඇති බවයි. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර වැඳපුදා ගැනීම වෙනුවෙන් දෛනිකව විශාල පිරිසක් කතරගම පුදබිමට පැමිණෙනු ලබයි. එහිදී ඔවුන් රැගෙන එනු ලබන පූජාවට්ටි හා ආහාර අනුභව කිරීමට පුරුදු වී සිටින රිළවුන් හා වඳුරන් මේ වනවිට බැතිමතුන් හට පමණක් නොව පූජනීය ස්ථානවල භාරකාරත්වයටද දැවැන්ත ගැටලුවක් වී තිබේ. මෙහිදී ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ වඳුරන් හා රිළවුන් ශීඝ්‍රයෙන් බෝවීම හේතු කරගෙන මෙම ගැටලුව බරපතළ වී ඇති බවයි. පසුගිය කාලවකවානුව තුළ රිළලවුන් අල්ලා යාල වනෝද්‍යානයට මුදාහැරීමේ ක්‍රමවත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක කළද එය එලෙසින්ම නතරවී ඇත. එපමණක් නොවේ. රිළවුන් ඇල්ලීම වෙනුවෙන් භාවිත කිරීමට ලක්ෂ ගණනක් වියදම් කරමින් සකස් කරනු ලැබූ යකඩ කූඩු මේ වනවිට දිරාපත් වෙමින් පවතී.

එමෙන්ම මෙම ගැටලුව අවට ගම්මානවල හේන් ගොවිතැන් කරනු ලබන ජනතාවටද දැඩි සේ බලපා ඇත. ගොවීන් තවදුරටත් පෙන්වා දෙන්නේ රජය විසින් සංගණනයක් සිදුකළද එයින් කිසිදු ප්‍රතිඵලයක් සිදු නොවූ බවය. වගාවන් හට හානි කරන වන සතුන් හඳුනා ගැනීම වෙනුවෙන් ලක්ෂ විසිහතක් වැය කරමින් දිවයින පුරා සත්ව සංගණනයක් ඔවුන් සිදුකරනු ලැබුවේ මාර්තු 15 වැනි දිනය. එහි වාර්තාව ජුනි 12 වැනි දින ප්‍රකාශයට පත්කළද එමගින් සත්ව වන්ද්‍යාකරණ ක්‍රම ඇතුළු නිර්දේශ කිහිපයක්ම එයට ඉදිරිපත් කර තිබිණි. සංගණනය සිදුකළද අදට මාස හයක් ගත වුවද එම නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම් එය හුදෙක් කනගාටුවට කරුණකි. එමෙන්ම එය රජයේ පවත්නා දැඩි දුර්වලතාවකි.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානි කරනු ලබන රිළවුන් මෙන්ම වඳුරන් අල්ලා දූපතකට මුදාහැරීමට රජය විසින් තීරණය කොට ඇත. එම දිස්ත්‍රික්කයේ වගාවලට රිළවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද විශේෂ කමිටුව මේ වනවිට නිශ්චිත තීරණයකටද එළැඹ ඇත. එහිදී ඔවුන් සනාථ කරනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන රිළවුන් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර දෙසීයකට ආසන්න වපසරියකින් යුතු දූපතකට රැගෙන යාමටය. තවද හේවාහැට ආසනයේ ගම්මාන පහළොවක් කේන්ද්‍ර කරගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 100ක් වෙන් කොට ඇත.

මේ හුදෙක් වැය වනුයේ අහිංසක ජනතාවගේ මහජන මුදල් නොවේද? මේ වෙනුවෙන් එනම් මිනිසුන්ගේ මිලියන ගණනක මුදල් වෙනුවෙන් වගකියන්නේ කවුරුන්ද? මන්දයත් තවමත් වඳුරන්, රිළවුන්, මොනරුන් හා දඬුලේනුන්ගෙන් වගාවට සිදුවන හානියත් ඉතා ඉහළය. නිතැතින්ම කටින් බතල හිටවා රැඟීම් කළ පමණින් කිසිවක් සාර්ථක නොවේ. සාර්ථක වන්නට නම් සාර්ථක වියයුතු දෙයක් කළ යුතුය. අහිංසක මිනිසුන් රවටා මෙවැනි දුර්මත ක්‍රියාත්මක කිරීම රජයක් ලෙස ඔවුනගේ පවත්නා අසාර්ථකත්වයකි. හුදෙක් සෑම අවස්ථාවකදීම මිනිසුන්ද බුද්ධිමත් විය යුතුය. සාර්ථක විසඳුම් රජයට දීමට නොහැකි නම් මිනිසාද හුදෙක් උසස් පුද්ගලයන් වශයෙන් බුද්ධිය මෙහෙයවා විසඳුම් සොයාගත යුතුය. එසේත් නොමැති නම් රජයේ හෝ වේවා රැවටීම් හරහා සිදුවන්නේ තමන් හටම පාඩුවක් මිසක සහනයක් නොවේ. ඒ කෙසේ වුවද රජයේ මූලික වගකීම වනුයේ මිනිසුන් රැවටීමට ලක් නොකර නිශ්චිත වූ සාර්ථක විසඳුම් ඔවුන්ගේ ගැටලු හමුවේ ලබාදීමයි. තවද අහිංසක මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් හම්බ කරනු ලබන මුදලට සාධාරණයක් කිරීමටද රජය නිසැකවම කටයුතු කළ යුතු බව හුදෙක් මෙනයින් අවධාරණය කෙරේ.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

මුන්ට හොඳටම පිස්සු..! UNP සම්මේලනයට ආපු හාමුදුරුවෝ බැන බැන යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බද්දේගම තාත්තගෙ ජීවිතය බිලිගත්තේ ඇම්බියුලන්ස් එකද? මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.