‘විසුම්පාය’ හෝටල් ව්‍යාපෘති ගනුදෙනුවෙන් ඉවත් වීමට ඊට එකග වී සිටි ජපන් ආයෝජකයා තීරණය කර ඇති බව ද සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
රජයේ තක්සේරුකරු විසින් සපයන ලද අධික තක්සේරු කිරීම් හේතුවෙන් ජපන් ආයෝජකයා මෙම තීරණය ගෙන ඇති බව එම පුවත්පත පෙන්වා දෙයි.
රජයේ දේපල තක්සේරුව ජපන් සමාගම විසින් සිදු කරන ලද තක්සේරුව මෙන් දෙගුණයක් ඉහළ අගයක් ගන්නා බව දැනගන්නට ඇත.
බොහෝ රාජ්‍ය නායකයින්ගේ නිවහන ලෙස භාවිත කළ විසුම්පාය හෝටල් ව්‍යාපෘතියකට ලබා දීමට තීරණය කිරීමෙන් පසු නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitality Ltd අතර අවබෝධතා ගිවිසුමක් (MoU) ජූලි 7 වන දින අත්සන් කරන ලදී. UDA සභාපති නිමේෂ් හේරත් සහ Hong Kong Azotels Hospitality Ltd හි සභාපති Adrian Zecha ගිවිසුමට අත්සන් කරන ලදී.
අවබෝධතා ගිවිසුම හරහා විසුම්පාය ගොඩනැගිල්ල වසර 50ක බද්දක් යටතේ Azotels Hospitality වෙත පවරා ඇත. Azotels Hospitality විසින් Hunas Holdings සහ Japan’s Partner Consortium සමඟ එක්ව මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යාමට නියමිතව තිබුණි.
දැනටමත් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අදාළ ගැටළු තහවුරු කරමින් නාගරික සංවර්න අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානආරච්චි අවධාරණය කළේ විසුම්පාය සංවර්ධනය සඳහා නව ආයෝජන අපේක්ෂා කරන බවයි.










