එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව නිතිපති උපදෙස් ප්‍රකාරව කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කළේය.Sri Lanka Latest News
මෙම සිද්ධිය අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දක්වමින් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළි නඟා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ .










