• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහ වැටුණා! දැන් ගහ කපලා අතු කපලා සුද්ධ කරලා දානවා එච්චරයි! මැරුණට පස්සේ කාගෙවත් පින් ගන්න බෑ! මැරෙන්න කලින් පින් අරන් තියාගන්න! අඬන්නේ නෑ! වැලපෙන්නෙ නෑ! විලාප තියන්නේ නෑ! තාත්තාගේ දේහය ඉදිරිපිට තියාගෙන සමන්තභද්‍ර හිමි බුද්ධ දර්ශනය පැහැදිලි කරයි! Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගහ වැටුණා! දැන් ගහ කපලා අතු කපලා සුද්ධ කරලා දානවා එච්චරයි! මැරුණට පස්සේ කාගෙවත් පින් ගන්න බෑ! මැරෙන්න කලින් පින් අරන් තියාගන්න! අඬන්නේ නෑ! වැලපෙන්නෙ නෑ! විලාප තියන්නේ නෑ! තාත්තාගේ දේහය ඉදිරිපිට තියාගෙන සමන්තභද්‍ර හිමි බුද්ධ දර්ශනය පැහැදිලි කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය පුරාම විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ හා සිදුවීම්වලට මුල්වූ සමන්ත භද්‍ර ස්වාමින්වහන්සේගේ පියාණන් මීට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වුණා. දෙහිවල සිරි සදහම් ආශ්‍රමයේ පැවැති සිය පියාණන්ගේ දේහය පිළිබඳ අවසන් ආගමික වතාවත් අතරතුර සමන්තභද්‍ර හිමියන් කළ ගුණකථනය තරමක් සුවිශේෂ එකක් වූ බැවින්, එය ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

‘මැරුණට පස්සේ අපි කාටවත් කවුරුවත් පිහිට වෙන්න බෑ. තම තමන් තම තමන්ගේ සසර සුවපත් කරගන්න අවශ්‍ය දේ අද අද කරන්න ඕනේ. තමන්ගේ මරණයෙන් පස්සේ ජීවිතය ගැන තමන් ජීවත් වෙනකොට කල්පනා කරන්න ඕනේ. අරයා පින් දේවි, මෙයා පින් දේවි ඒවා අපි හදාගත්ත කතන්දර. අපට ඕනේ පින් අපි තියාගෙන තියෙන්න ඕනේ. අපි ගමනක් යනකොට ඒ මග වියදමට සල්ලි අරගෙන යන්න ඕනේ. අපි කාගෙන්වත් මගදි සල්ලි ඉල්ලන්න බලාපොරොත්තුවෙන් යන්නේ නෑනේ. ඒ වගේ තමයි මේ ජීවිතය හා මරණය. මිනිස්සු මරණයට පත්වෙනකොටත් තමන්ගේ වියදමට අවශ්‍ය දේවල් තමන් ළඟ තියාගන්න ඕනේ.

මට මතක් වෙනවා ඉන්දියානු ජන කතාවක්. ගෞතම බුදුහාමුදුරුවන්ගේ යාළුවෙක් හිටියා. මේ යාළුවාගේ තාත්තා මැරුණා. මේ යාළුවා බුදුහාමුදුරුවන්ට කිව්වා අපේ තාත්තා මැරිලා, තාත්තා වෙනුවෙන් පීතෘ දානය දීලා, අපේ තාත්තා ස්වර්ගයට යවන්න කියලා. බ්‍රහ්ම ලෝකෙට යවන්න කියලා. බුදුන් දැනගෙන හිටියා කිසිම කෙනෙක්ට බෑ කියලා තවත් කෙනෙක්ව ස්වර්ගයට යවන්න. තමන්ගේ ස්වර්ගය තමන් හදාගන්න ඕනේ. නමුත් ඒක මනුස්සයට කිව්වට ඇහුවේ නෑ. බුදුන් කිව්වා ගංගානම් ගඟට දේහය ගේන්න කියලා. එළඟිතෙලුයි, ගලුයි, හට්ටි දෙකකුයි, රෙදි කෑලි දෙකකුයි, පොල්ලකුයි ගේන්න කියලත් කිව්වා. එයා ඒ දේවල් ගෙනවා. ගඟ අයිනේ දේහය තියෙනවා. බුදුන් වැඩමකරලා ඉන්නවා. ඥාතීන් ඉන්නවා. හින්දු ආගමේ විදියට තාත්තා බ්‍රහ්ම ලෝකෙට යවන්න පුතෙක් ඉන්න ඕනේ. ඒකනේ අපේ සමාජයේ පුතෙක් ලැබීම හරි ශ්‍රේෂ්ඨයි කියලා සැලකුවේ. ඒක හින්දු සංකල්පයක්. නැත්නම් ඒ පූජාව තියන්න බෑ. දැන් පුතා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමිනි, මගේ තාත්තා ස්වර්ගයට යවන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා එක මුට්ටියකට එළඟිතෙල් දාන්න, අනිත් මුට්ටියට ගල් දාන්න, මුට්ටි දෙකේ කටවල් රෙදි කෑලි දෙකකින් බඳින්න කියලා. ඉස්සෙල්ලම මුට්ටි දෙක ගඟේ පාකරන්න කිව්වා. එතකොට එළඟිතෙල් පුරවපු මුට්ටිය ගඟේ පාවෙන්න ගත්තා. ගල් පුරවපු මුට්ටිය ගිලුණා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා අර පුතාට, ඔයා කියන්න ගල් මුට්ටියට පාවෙන්න කියන්න. එළඟිතෙල් මුට්ටියට ගිලෙන්න කියන්න කියලා. එතකොට ඒ පුතා කියනවා ස්වාමිනි, කිසිම දවසක මේ එළඟිතෙල් මුට්ටිය ගිලෙන්නේ නෑ, මේ ගල් මුට්ටිය පාවෙන්නෙත් නෑ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා, එහෙනම් ඒ දෙක වෙන්නේ නැත්නම් ඇයි ඔබ මට කියන්නේ ඔබේ තාත්තාගේ ආත්මය බ්‍රහ්මයට ස්වර්ගයට යවන්න කියලා, ඒක මට කරන්න බෑ කිව්වා. මේ ලෝකේ වෙන දේවල් ඒ විදියට සිද්ධ වෙනවා.

මේ කතාව අපේ පොත්වල මේක ඉන්දියාවේ සුප්‍රසිද්ධ කතාවක්. මේකෙන් කියනවා අපේ දේ අපි හොයාගන්න ඕනේ කියන එක. අපේ ආධ්‍යාත්මික ගමන අපි හදාගෙන තියෙන්න ඕනේ කියන එක. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ මැරෙන බව දැනගෙන. කොහොමත් මරණය අපිට ලොකු දෙයක් නෙවෙයි. ඒක අපිට අඬන්න වැළපෙන්න කෑගහන්න විලාප තියන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියලා. මට එක දෙයක් තේරෙනවා. මිනිහෙක් මැරුණාම තව මිනිහෙක් හඬන්නේ එයාගෙන් ලැබෙන ඒවා නැතිවෙච්ච නිසා. එතකොට අපිට කිසි දෙයක් ලැබිලාත් නෑ, නැතිවෙලත් නෑ. අපි එහෙම බලාපොරොත්තු වෙලත් නෑ. ඒ නිසා අපිට දුකකුත් නෑ. ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමත්.

මෙහෙ විදිය තමයි කවුරුහරි මියගියාම දවස් හත අට දහය පහළොව තියාගන්නේ නෑ. මට මතකයි අපේ ධම්මවිමල හාමුදුරුවෝ මෙතැන හිටියා. ඔය කාමරේ ඔතැනම අපවත් වුණා. උන්වහන්සේ මට කියලා තිබුණේ මෙහෙමයි වෙන්න ඕනේ, කිසිම පාංශුකූල අරවා මේවා කතා මොනවත් එපා කියලා. මරණය ගෙනිහිල්ලා ආදාහනය කරන්න කියලා. අපි ඒ විදියට කළා. මේ අපේ තාත්තාගේ මරණයත් එහෙමයි. එයා ජීවත් වෙලා ඉන්න කල් අපි සැලකුවා. කන්න බොන්න දුන්නා. එච්චරයි. මගේ දේවල් තුනයිනේ තියෙන්නේ. කන්න දෙනවා, බෙහෙත් දෙනවා, මැරුණොත් වළදානවා. මගේ යුතුකම් තුනයි මම මිනිස්සුන්ට ඉටුකරන්නේ. වෙන කිසිම දෙයක් කරන්නේ නෑ. කන්න බොන්න දෙනවා, බේත් හේත් අරන් දෙනවා, මැරුණොත් ආදාහනය කරනවා. මේවා අපිට බොහොම සරලයි. ලක්ෂ 10ක 15ක පෙට්ටි ගෙනල්ලා කරලා වැඩක් නෑ. ඉන්නකන් සැලකුවේ නැති වුණාම තමයි ලොකු ලොකු පෙට්ටිවල දාන්න ඕනේ. අපි මේ කිසි දේකට කලබල වෙන්න අවශ්‍ය නෑ. මේ සිද්ධි වෙලා ඉවරයි. මැරිලා ඉවරයි. මැරිලා ඉවර වුණාම අපි දඟලන්න කලබල වෙන්න අවශ්‍ය නෑ. ඒ සිද්ධිය ඉවරයි. ගහ වැටිලා ඉවරයි. ගහ වැටිලා ඉවර වුණාම දඟලන්න අවශ්‍ය නෑනේ. ඊට පස්සේ තියෙන්නේ ගහ කපන්න, සුද්ද කරන්න ඕනේ, අතුගාන්න ඕනේ. එච්චරයි. මේ සරල සත්‍යයක්. මහා ගැඹුරු අභිධර්මයක් නෙවෙයි. ඔන්න ඔය සරල ධර්මය තමයි අපි මෙතෙක් කල් ඉගැන්නුවේ….’

SendShareShare
Previous Post

විජිත හේරත් මොකටද වියදම් කරගෙන පාප්වහන්සේගේ අවමඟුලට ගියේ? දැනට ජවිපෙට මාසෙට කෝටි 5ක ආදායමක් එනවා මන්ත්‍රීවරු 159න්! ටිල්වින්ලා දැන් හදන්නේ පළාත් පාලන මන්ත්‍රීවරු හරහා ඒක කෝටි 20 කරගන්න! ටිල්වින්ට ටැක්ස් කලෙක්ටර් කෙනෙක් පත්කරනවද? ගමට මහජන නියෝජිතයෙක් පත්කරනවද? Sri Lanka Latest News

Next Post

අනුර සහෝදරයා එදා ආණ්ඩු ගිවිසුම් අස්සන් කළාම පාර්ලිමේන්තුවේ නගපු හඬ කුමාර් සහෝදරයා වීඩියෝ එකක් දාලම පෙන්නයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.