• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජිත හේරත් මොකටද වියදම් කරගෙන පාප්වහන්සේගේ අවමඟුලට ගියේ? දැනට ජවිපෙට මාසෙට කෝටි 5ක ආදායමක් එනවා මන්ත්‍රීවරු 159න්! ටිල්වින්ලා දැන් හදන්නේ පළාත් පාලන මන්ත්‍රීවරු හරහා ඒක කෝටි 20 කරගන්න! ටිල්වින්ට ටැක්ස් කලෙක්ටර් කෙනෙක් පත්කරනවද? ගමට මහජන නියෝජිතයෙක් පත්කරනවද? Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විජිත හේරත් මොකටද වියදම් කරගෙන පාප්වහන්සේගේ අවමඟුලට ගියේ? දැනට ජවිපෙට මාසෙට කෝටි 5ක ආදායමක් එනවා මන්ත්‍රීවරු 159න්! ටිල්වින්ලා දැන් හදන්නේ පළාත් පාලන මන්ත්‍රීවරු හරහා ඒක කෝටි 20 කරගන්න! ටිල්වින්ට ටැක්ස් කලෙක්ටර් කෙනෙක් පත්කරනවද? ගමට මහජන නියෝජිතයෙක් පත්කරනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අදහස් දැක්වීමක් පහත පළවේ. Sri Lanka Latest News

අද කටුනායක ගුවන් තොටුපළේ වී.අයි.පී. පර්යන්තයෙන් විජිත හේරත් ඇමැතිතුමා පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට විදේශගත වුණා. මේක කියනකොට ඔබට හිතෙන්න පුළුවන් ඔය කියන්න යන්නේ ඒ කාලේ අනුර කුමාර දිසානායක රැජිනගේ මළගෙදරට ගියා කියලා එවක හිටපු ජනාධිපතිවරයාට බැන්නා, දැන් ඕගොල්ලොත් රට යනවා නේද කියලා අහන්න තමයි හදන්නේ කියලා. නෑ, මේ ඊට වඩා වෙනස් කතාවක් තමයි මම කියන්න යන්නේ. මම මේ කියන්න යන්නේ අනුර කුමාර දිසානායක මහත්තයලා ඒ වෙලාවේ එවක හිටපු ජනාධිපතිවරයා රැජිනගේ ආදාහන උත්සවයට යනකොට කිව්වේ මොකටද මේ මළගෙවල්වල යන්නේ කියලා. ඒක නිකන්ම කතාවක් නෙවෙයි. ඒ කතාව ඇතුළේ ඔවුන් සංකේතවත් කරනවා ඒක නාස්තිකාර වියදමක් කියලා.

පාප්වහන්සේගේ ආදාහන උත්සවයට විජිත හේරත් ඇමැතිතුමා යනවා කියලා දැක්කාම මට හිතෙන්නේ මේකට ලෝකයෝ බොහෝ රටවල රාජ්‍ය නායකයෝ එනවා. අවමංගල උත්සවයක් කියලා කියන්නේ ඒකේ තියෙන චාරිත්‍රවලට සම්බන්ධ වෙන එක වුණත් ඔය අතර කාලය තුළ සමහර රාජ්‍ය නායකයන්ට ‘හායි’ කියන්න, පොඩි චැට් එකක් දාන්න, පොඩ්ඩක් කතාකරන්න සමහර විටක දැනටමත් අපේ රටට බලපාලා තියෙන ප්‍රශ්න ගැන මිත්‍රශීලීව පොඩි සන්නිවේදනයක් කරගන්න ලැබෙන අවස්ථාවක්නේ. මේ වගේ අවස්ථාවන් ඉතා වැදගත්. රැජිනගේ ආදාහන උත්සවයට ගිහින් අපි දැක්කා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ රටවල රාජ්‍ය නායකයන් එක්ක කතාබහ කරනවා. හමුවීම් යොදාගන්නවා. ඒක සාමාන්‍ය ක්‍රමයක්. ඕක විජිත හේරත් දන්නවා. මොකද අපිත් ජාත්‍යන්තර සමුළුවලට ගියාම මම දැකලා තියෙනවා විජිත හේරත්ලා ඒ ඒ රටවල නායකයෝ මුණගැහිලා වෙලාවල් දාගන්නවා, කන්ටැක්ට් නම්බර්ස් ඉල්ලගන්නවා, සාකච්ඡා සඳහා අවස්ථාවන් යොදාගන්නවා. ඒ නිසා මම දකින්නේ රාජ්‍ය නායකයෙක්, රටකට යන එකට වැයවන වියදම ගැන හිතලා ඒ රටට නොගිහින් ඉන්න එක නෙවෙයි කළ යුත්තේ. විනෝද සංචාර සඳහා යන එක ගැන නෙවෙයි මේ කියන්නේ. ලෝකෙට ගිහිල්ලා, මිනිස්සු මුණගැහිලා ඒකෙන් යම් ඵලදායී දෙයක් නිර්මාණය කරගත යුතුයි. හිටපු ජනාධිපතිතුමා ඉලොන් මස්ක්ව මුණගැහුණු කතාවක් පහුගිය කාලේ පළවුණානේ. ඒ වගේ දේවල් එහෙම කරගන්න ඕනේ. මංගල සමරවීර වගේ අය රෝහිත බෝගොල්ලාගම වගේ අය හුඟක් රාජ්‍ය නායකයෝ එහෙම ගිහිල්ලා ලොකු සම්බන්ධතා ගොඩනගාගෙන ඒවායෙන් යම් ඵලදායී දේවල් ටිකක් ගේනවා.

මාලිමාමේ තව එකක් තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරුන් වියදම් අඩුවෙන් කරනවා කියලා පෙන්වන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු වාහන දෙක තුන ගන්නේ නෑ වගේ දේවල් කියමින් ඉන්නවනේ. තෙල් අඩුවෙන් ගන්නවා, අපි වියදම් කරන්නේ නෑ ඔය වගේ කතාවක්. ඇත්තටම මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා 159න් ලාල්කාන්තම කියනවා එයා හඳුනන්නෙත් නෑ කියලා මේ ඉන්න හාදයන්ව. ඒ කියන්නේ ජනතාව කොහොමත්ම මේ අයව දන්නේ නෑනේ. දැන් මාස 7ක් ගතවෙලා තියෙනවා. මේ මාස 7 ඇතුළේ මම දන්න විදියට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16ක් ඉන්නවා. ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච 4ක් ඉන්නවා. ආසන 13ට 20ක් ඉන්නවා. හැබැයි මේ 20න් මම හිතන්නේ විජිත හේරත් වගේ අය හැරුණාම අනිත් බොහෝ අයව කවුරුවත් දන්නෙත් නෑ, නම අහලත් නෑ, මුණගැහිලාත් නෑ. දැන් මාස 7ක් ගතවෙලා. ඇයි ඒගොල්ලන්ව මිනිස්සු දකින්නේ නැත්තේ? හම්බවෙන්නේ නැත්තේ? ඒගොල්ලෝ වැඩකරන්නේ නෑනේ. ඒගොල්ලෝ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට කතාකරන්නේ නෑ, මිනිස්සුන්ව මුණගැහෙන්න යන්නේ නෑ. ඒගොල්ලෝ පාර්ලිමේන්තු යනවා එනවා ඉන්නවා.

ඇත්තටම ඒගොල්ලෝ මොනවත් කරන්නේ නැත්නම් ඒ අයගේ වාහනවලට තෙල් ගහන්න ඕනෙ වෙන්නෙත් නෑනේ. වැඩ කරනවා නම් නේ ඇවිදින්න වෙන්නේ. වැඩ කරනවා නම් තමයි ගමන් යන්න වෙන්නේ. එතකොට තෙල් ගහන්න වෙනවා. වැඩ කරනවා නම් වාහනවල යන්න එන්න වෙනවා. වැඩ කරන්නේ නැත්නම් වියදම් ප්‍රශ්නයක් නෑ. ඒ වියදම් ඉතුරු කරන්න පුළුවන්. දැන් වියදම් ඉතුරු කරනවා කියන එකේ අනිත් කතාව තමයි, ඒගොල්ලෝ කියනවනේ ඒගොල්ලෝ පඩි ගන්නේ නෑ, පඩිය පක්ෂයට දෙනවා කියලා. ඕකත් මම පැහැදිලි කරන්නම්. අපි බදු ගෙවන සල්ලිවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට අපි වැටුප් ගෙවන්නේ ඇයි? අපි ගෙවන බදු සල්ලිවලින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට, වැටුප්, දීමනා, කාර්යාල දීමනා මේ ඔක්කොම දෙන්නේ. ඒ ඔක්කොම දීලා ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් 50,000ක් හරි 100,000ක් හරි එවැනි මුදලක් දෙනවා. කාර්යාල දුරකතනයක් දෙනවා. දැන් මාලිමාවේ ගම්පහ කාර්යාල 20ක් තියෙනවද, මන්ත්‍රීවරු 20ක් කාර්යාල පවත්වාගෙන යන අය ඉන්නවද? මම නම් දැකලා නෑ. එතකොට එහෙම දෙන්නේ මිනිස්සුන්ට වැඩකරන්න. එතකොට අපි අපේ බදු සල්ලිවලින් රටේ ජනතාවගේ බදු සල්ලිවලින් වැටුප් ගෙවනවා ඒගොල්ලන්ට. ඒ, මහජනතාව වෙනුවෙන් සේවයක් කරන්න. ඒගොල්ලෝ මහජනතාව වෙනුවෙන් සේවය නොකර නිකන් ඉන්නවා. එහෙම ඉන්න ගමන්ම ඒගොල්ලන්ගේ වැටුප පක්ෂයට දෙනවා. පක්ෂයට දෙන එක රටේ ජනතාවට ආපහු එන්නේ නෑනේ. ආපහු මහාභාණ්ඩාගාරයට යන්නේ නෑනේ.

එතකොට ජනතාවගෙන් සල්ලි අරගෙන ඒ සල්ලි පක්ෂයට දෙනවා. ඒගොල්ලන්ගේ ජොබ් එක විය යුතුව තියෙන්නේ, මහජන නියෝජිතයාගේ කාර්යභාරය විය යුත්තේ ජනතාව ගෙවන වැටුප අරගෙන ඒ වැටුපට සේවයක් කරන එක. උදාහරණයක් විදියට ගුරුවරයෙක්ට අපි අපේ බදු සල්ලිවලින් වැටුප් ගෙවන්නේ මොකටද? ළමයින්ට උගන්වන්න. ගුරුවරයා උගන්වන්නේ නැතුව එයා කියනවා මම පඩි ගන්නේ නෑ, මම ඒ සල්ලි ඉතුරු කරනවා කියලා. මම ඒ සල්ලිවලින් ඉස්කෝලේ ක්‍රීඩා පිට්ටනිය හදනවා කියලා. ඒ වුණාට ඉස්කෝලේ ක්‍රීඩා පිට්ටනිය හදන්න වෙන ක්‍රමයක් තියෙනවනේ. එයාට තියෙන්නේ උගන්වන්න. එයා උගන්වන්නේ නැතුව නිකන් ඉඳලා පඩිය ගන්නේ නෑ වගේ කතා කියලා හරියන්නේ නෑනේ. ඒ නිසා මේ මහජන නියෝජිතයාට අපි වැටුපක් ගෙවනවා. ඒ වැටුපෙන් එයා වැඩ කරන්න ඕනේ. එයා වැඩ කරන්නේ නැතුව නිකන් ඉන්නවා. තෙල්, සල්ලි අවා මේවා එහෙමත් පක්ෂයෙන් ගන්නවා. එතකොට මිනිහා අතින් තෙල් ගහගෙන මේවා කරන්න ඕනේ නෑනේ. මන්ත්‍රීලා 159ම වැඩ කරන්නේ නෑ. ඒ මන්ත්‍රීලා 159 කියලා කියන්නේ ඇත්තටම අනුර කුමාර දිසානායක මහත්තයට ඕනේ කරන පනතක් එහෙම ආවාම ඇස් පියාගෙන අත උස්සන්නයි අත පල්ලෙහාට දාන්නයි. ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් සිග්නල් කණු. තනි සිග්නල් කණු 159ක් ඉන්නවා පැලවත්තෙන් ස්විච් එක දාපුවාම ඒ සිග්නල් වැඩකරනවා. පැලවත්තෙන් ස්විච් එක දැම්මාම රතුද, කොළද, කහද කියලා පත්තු කරන්න තමයි ඒ අයට තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගිහින් අත උස්සන්න. ඒ හැර වෙන මොනවත් නෑ.

ඊළඟට පඩිය පැලවත්තට එකතු කරලා දෙනවා. මන්ත්‍රීවරුන් 159 දෙනාගේ, ඇමැතිවරුන්ගේ සහ කාර්යමණ්ඩලයේ මාසෙක වැටුප සාමාන්‍යයෙන් කෝටි 5ක් විතර. දැන් ටිල්වින් සිල්වා මහත්තයට මේ දවස්වල කෝටි 5ක ආදායමක් හම්බවෙනවා පැලවත්තට. මරු නේ? ඒකෙන් සමාජ සේවා වැඩ කරනවා වගේ බයිලා අපිට කියන්න එපා. අපි දන්නවා. මුල්ම කාලේ, ඒ කියන්නේ 1990 ගණන්වල නිහාල් ගලප්පත්ති පත්වෙච්ච වෙලාවේ මන්ත්‍රී වැටුපෙන් ඉස්කෝල දෙකතුනකට පුස්තකාල දුන්නා. එතැනින් පස්සේ මන්ත්‍රී වැටුප්වලින් කරපු සමාජ සේවා කටයුත්තක් නෑ. එහෙම කරලා තියෙනවා නම් වාර්තා දෙන්න. මෙන්න ආපු මුදල, මෙන්න ඒ මුදලෙන් කරපු සමාජ සේවා වැඩ ටික කියලා. මිලියන ගානක් ඇවිල්ලා තියෙනවා. අඩුම ගානේ ඒකෙන් 0.001%කවත් සමාජ සේවා වැඩ කරලා තියෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න. ඒ නිසා ඒවා බොරු කතා. ඒ මුදල් පක්ෂයේ එකවුන්ට් එකට දාගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ කියන ප්‍රයිවට් ලිමිටඩ් එකට තමයි ඒ සල්ලි ටික දාගන්නේ. ඒ කම්පැනියේ ලොක්කා තමයි ටිල්වින් සිල්වා. ටිල්වින් සිල්වා මේ දවස්වල කියනවා මේ පළාත් පාලන ඡන්දෙන් ඒගොල්ලන්ට මන්ත්‍රීවරු 3,500ක්වත් අඩුම ගානේ ඕනේ කියලා. පළාත් පාලන මන්ත්‍රීවරයෙක්ට ලැබෙන්නේ පොඩි වැටුපක්නේ. අපි හිතමුකෝ ඒ වැටුප අනෙක් දීමනාත් එක්ක ගත්තම රුපියල් 50,000ක් ලැබෙනවා කියලා. එතකොට රුපියල් 50,000 ඒවා 3,500ක්. ටිල්වින් සිල්වා ගණන් හදන්නේ එහෙම. ටිල්වින් සිල්වා හිතනවා මන්ත්‍රීවරු 3,500ක් ආවොත් දැනට මාසෙට කෝටි 5ක් හම්බවෙනවා. ලබන මාසේ ඉඳන් ඊටත් වඩා විශාල මුදලක් ලැබෙනවා. එතකොට ඒ වගේ අතිවිශාල මුදලක් හැම මාසෙකම පැලවත්තට එනවා. එතකොට දළ වශයෙන් මාසෙකට කෝටි 20ක විතර ආදාමක් පැලවත්තට සකස් කරගන්න තමයි මේ මන්ත්‍රීවරු ටික පත්කරගන්න හදන්නේ. ඊට වඩා ලොකු දෙයක් මේකේ නෑ.

ඔය ඉදිරියේදී පත්වෙන පළාත් පාලන මන්ත්‍රීවරුත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේම තමයි. සිග්නල් කණු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම් අඩුම ගානේ දවස ගානේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා, කැන්ටිමෙන් හොඳට කාලා, අත උස්සලා සිග්නල් එක දාලා එන්න තියෙනවනේ. නගර සභාවේ එහෙමත් නෑ. නගර සභාවේ මාසෙකට තියෙන්නේ රැස්වීම් දෙක තුනයිනේ. ඒ නිසා ඔය කට්ටිය නගර සභාවට එන්නෙත් නෑ. නගර සභාවේ මොනවත් වැඩක් කරන්නෙත් නෑ. ඔය මාලිමාවෙන් ඉල්ලන ගොඩක් අපේක්ෂකයෝ ගෙවල්වල ගේට්ටු දාලා ලොක් කරලා වහගෙන හිටපු කට්ටිය. මේ ඡන්දේ වෙනුවෙන් තමයි ඒගොල්ලෝ ඉබි යතුරු ඇරලා දැන් එළියට බැහැලා ඉන්නේ. ඒගොල්ලෝ ඡන්දෙන් පස්සේ ආයෙත් ගේට්ටු ලොක්කරලා ගෙවල් ඇතුළට යනවා. මොකද ඒගොල්ලන්ට වැටුප ලැබෙන්නෙත් නෑ, ඒකත් පක්ෂයෙන් ගන්නේ. ඒ නිසා වැඩකරන්නේ නෑ. පළාත් සභාවල ඉන්නවා ආර්.ඕ.ලා කියලා කට්ටියක්. ආර්.ඕ. කියලා කියන්නේ රෙවනියු ඔෆිසර් කියන එක. එහෙම නැත්නම් ආදායම් නිලධාරීන්. නගර සභාවේ මේ ආදායම් නිලධාරීන්ගේ කාර්යභාරය තමයි එයාට පැවරෙන ප්‍රදේශයක ආදායම එකතු කරලා නගර සභාවට ගෙනල්ලා දෙන එක. එතකොට ටිල්වින් සිල්වා මහත්තයගේ ආදායම් නිලධාරීන් ටික තමයි මේ පළාත් පාලන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන්නේ ඒ අයට ලැබෙන වැටුප ටිල්වින් සිල්වාට යවන්න.
දැන් ඇත්තටම මේ පළාත් පාලන මැතිවරණයේදී ඕගොල්ලන්ට තීරණයක් ගන්න තියෙනවා පැලවත්ත කාර්යාලය නමැති, නැත්නම් ‘පැලවත්ත ප්‍රයිවට් ලිමිටඩ්’, නැත්නම් ‘ජනතා විමුක්ති පෙරමුණ’ නමැති පුද්ගලික සමාගමේ එකවුන්ට් එක ලොකු කිරීම වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරනවද, එහෙම නැත්නම් ඔබට සේවා සපයා ගැනීම සඳහා ඔබේ ගමට මහජන නියෝජිතයෙක් නිර්මාණය කරගන්වද කියන එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ පැලවත්තේ ටැක්ස් කලෙක්ටර් කෙනෙක් පත්කරනවද, මහජන නියෝජිතයෙක් පත්කරනවද කියලා ඔබ මේ ඡන්දෙදී තීරණයක් ගත යුතුව තියෙනවා.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

පරණ පච පැත්තක තියා අලුත් පච අරන් ගමේ බලය අල්ලන්න එන මාලිමාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ගහ වැටුණා! දැන් ගහ කපලා අතු කපලා සුද්ධ කරලා දානවා එච්චරයි! මැරුණට පස්සේ කාගෙවත් පින් ගන්න බෑ! මැරෙන්න කලින් පින් අරන් තියාගන්න! අඬන්නේ නෑ! වැලපෙන්නෙ නෑ! විලාප තියන්නේ නෑ! තාත්තාගේ දේහය ඉදිරිපිට තියාගෙන සමන්තභද්‍ර හිමි බුද්ධ දර්ශනය පැහැදිලි කරයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.