ඩීසල් මිල ඉහළ යාම, අයහපත් කාලගුණික තත්ත්වය ආදී කාරණා මත වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු අනාවරණය කරයි.Sri Lanka Latest News
ඩීසල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට සුළු පරිමාණ වෙළෙඳුන්ගේ පැමිණීම විශාල ලෙස පහත වැටී ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු අනුව බෝංචි රුපියල් 500, තක්කාලි රුපියල් 400, පිපිඤ්ඤා රුපියල් 160, බණ්ඩක්කා හා පතෝල රුපියල් 200 – 280 ත් අතර, කරවිල රුපියල් 420, වම්බටු රුපියල් 370, දඹල රුපියල් 360ක්, මාළු මිරිස් රුපියල් 420 දක්වාද එළවළු කිලෝ ග්‍රෑමයක තොග මිල ඉහළ ගොස් ඇත.
තවද තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව බෝංචි කිලෝ ග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 600 – 650 දක්වාත් මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 450ක් දක්වාත් වැඩිවී තිබේ.
තවද මේ දිනවල පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් කඳුකරයේ එළවළු වගා බිම් රැසක අස්වැන්න අඩුවීම නිසා ඉදිරියේදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු අනාවරණය කරයි.









