අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා හා ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අතර මතගැටුමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ, පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා වීරසේකර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමගය.
මෙහිදී වාසුදේව අමාත්‍යවරයාගේ සහාය පළ කරමින් මැතිඇමැතිවරුන් රැසක්ද අදහස් දැක්වූ බවක් දැනගන්නට ඇත.