හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇත.
ඒ අනුව ඊට අදාළ ලිපිය ගම්මන්පිල මහතා විසින් මේ වනවිටත් මහලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
අද දින පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගම්මන්පිල මහතාට ආණ්ඩුමේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයන් විවේචනය කරමින් අදහස් පළ කළ ආකාරයක්ද වාර්තා විය.










