ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ශ්‍රී ලංකා රජය ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලමින් කරුණු 7ක් ඇතුළත් යෝජනාවලියක් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ විදේශ සබධතා කමිටුව වෙත ඉදිරිපත්ව ඇත.
මෙම යෝජනාවලිය කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකාවක් වන දෙබොරා රෝස් විසින් ඉදිරිපත් කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දැනටමත් අමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය විරෝධය පළ කොට ඇති බවද දැනගන්නට ඇත.










