• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ..!!! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 18, 2025
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ..!!! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට වරායට ගහල ගහලා 2015 අගමැති වූ පසු රනිල් හම්බන්තොට වරාය චීනයට බදු දෙන්න තීරණය කළ විට ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හොල්මන් වූහ. රනිල්ව හඳුනාගෙන තිබුණේ ඇමෙරිකානු හිතවාදී නායකයෙක් ලෙසය. චීන හිතවාදී රාජපක්ෂවරු හම්බන්තොට වරාය චීන ණයවලින් හැදුවත් වරාය චීනයට බදු දෙන්න තීරණය කළේ නැත. ඒත් රනිල් ඒ තීරණය ගත්තේය. රනිල්ගේ යහපාලන ආණ්ඩුවේත් ඇදවැටීම ආරම්භ වුණේ එතැන් සිටය. හම්බන්තොට වරාය චීනයට බදු දෙන ගිවිසුම අස්සන් කළේ 2017 ජූලි මාසයේය. 2018 පෙබරවාරි වනවිට රනිල් සහ රනිල්ගේ ආණ්ඩුව හොම්බෙන් වැටුණි. ඒ, බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ පුංචි ඡන්දයෙන්ය. 2018 ඔක්තෝබර් මෛත්‍රීපාල රනිල්ව අගමැති ධුරයෙන්ද ඉවත් කළේය. හම්බන්තොට වරාය චීනයට බදු දුන් රනිල්ව භූ දේශපාලනය කරකවලා අතහැරියේ එලෙසය.Sri Lanka Latest News

රනිල් හම්බන්තොට වරාය චීනයට බදු දුන් පුස හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදන්න ටෙන්ඩර් කැඳවීය. චීනයේ සිනොපෙක් සමාගමද ටෙන්ඩරයට අයැදුම් කළේය. වරාය චීනයට බදු දුන් නිසා ඇමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු බටහිර රටවල් ඉන්නේ තරහින් බව දැන රනිල් පිරිපහදුව චීනයට නොදී ඉන්දියාවේ තමිල්නාඩුවේ ව්‍යාපාරිකයෙක්ට සහ ඕමානයට සම්බන්ධකම් ඇති සිංගප්පූරු සමාගමකට දෙන්න තීරණය කළේ චීන ටෙන්ඩරය ඉවතලමිනි. එවක රනිල්ගේ ආණ්ඩුව මේ පිරිපහදුව සඳහා ලැබුණු ඕමාන් ආයෝජනය හැඳින්වූයේ ලංකාවට ආ ලොකුම ආයෝජනය කියාය.

ඒත් පසුව ඒ සමාගම වැඩේ අතහැරියේය. චීනය දිගින් දිගටම පිරිපහදුවට ආයෝජනය කරන්න කැමැත්ත පළ කළේය. 2019 ගෝඨා ජනාධිපති වූයේ හම්බන්තොට වරාය චීනයට බදු දෙන ගිවිසුම අවලංගු කරන බවට පොරොන්දු වෙමිනි. ගෝඨා ජනාධිපති වී සිය පළමු විදේශ සංචාරය ඉන්දියාවට ගිය විට ඉන්දීය මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කළත් ගෝඨා ප්‍රශ්නය මඟහැරියේය.
ගෝඨාගේ කාලයේත් චීනය පිරිපහදු ආයෝජන ගෙන ආවත් ගෝඨා ඉන්දියාව සහ ඇමෙරිකාව තරහා කරගන්න බය විය.

2022 ගෝඨා පැනලා ගොස් රනිල් ජනාධිපති වූ විට චීනය යළි මේ යෝජනාව ගෙන ආවේය. එතකොට රටත් බංකොලොත් වී තිබූ නිසා රනිල් මේ යෝජනාවට කැමැති විය. ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක තෙල් පිරිපහදුව හැදීම සඳහා චීනයේ සිනොපෙක් සමාගමට දීමට රනිල් 2023 නොවැම්බර් 28 කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. රනිල් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ 2023 ඔක්තෝබරයේ චීනයට ගොස් මේ ආයෝජනයට අනුමැතිය දීලාය. කැබිනට් අනුමැතිය දුන් පසු ගිවිසුමට අස්සන් කරන්න නියමිතව තිබුණත් රනිල් වාගේම චීනයත් එයට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත්තේ 2024 ජනාධිපතිවරණය නිසාය. රනිල් ඒ වෙලාවේ ගිවිසුමට අස්සන් කොට ඉන්දියාව සහ ඇමෙරිකාව තරහා කරගැනීමට බයවෙන්න ඇත. රනිල් දිනයි කියලා ෂුවර් නැති නිසා චීනයත් වැඩේට බහින්නේ නැතුව ඇත.

2024 අනුර ජනාධිපති වී චීනයට ගිය විට චීනය රනිල්ගේ කැබිනට් මණ්ඩලය අනුමත කළ තෙල් පිරිපහදු ගිවිසුමට අස්සන් තබන්න එකඟ විය. දැන් අනුරගේ ආණ්ඩුව කියන්නේ මෙම ගිවිසුම අනුරගේ චීන සංචාරයේ විශාල ජයග්‍රහණයක් කියාය. ඒත් චීනය මේ ආයෝජනය ගෙන ආවේ 2017 වරාය බදු ගැනීමෙන් පසුව බව කවුරුත් කියන්නේ නැත. කෙටියෙන් කීවොත් මෙම තෙල් පිරිපහදු ගිවිසුම රනිල් සහ චීන නිර්මාණයකි.‘ඇයි ජාතික ජන බලවේග ආණ්ඩුව මේ රනිල්ගේ ආණ්ඩුවේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ…?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. සාමාන්‍යයෙන් කලින් ආණ්ඩුව යම්කිසි රටක් සමග එකඟ වූ ව්‍යාපෘතියක් පසුව බලයට පත්වූ ආණ්ඩුවක් අවලංගු කිරීම සදාචාරාත්මක නැත. මේ නිසා අනුරගේ ආණ්ඩුවට මේ ව්‍යාපෘතියට ඔහුගේ චීන සංචාරයේදී අස්සන් කිරීමට නියමිතව තිබිණි. පසුගිය ජනාධිපතිවරණයෙන් රනිල් දින්නත් සජිත් දින්නත් චීනය මේ ගිවිසුම අස්සන් කරන්න බලාගෙන සිටියේය.

අනුරගේ ආණ්ඩුව මේ ගිවිසුම අස්සන් කරන අතරතුර ඉන්දියාවත් චීනයත් බැලන්ස් කරන හොඳ වැඩක් කළේය. එනම් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න ගොස් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කරන්න ගෝඨාගේ ආණ්ඩුව ඉන්දියාව සමග අස්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දුන්නේය.

මෙම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවත් එක්ක සංවර්ධනය කරන ගිවිසුම අස්සන් කළේ ගෝඨාභයගේ ආණ්ඩු කාලයේය. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට ගිවිසුමට අස්සන් කළේ එවක තෙල් ඇමැති උදය ගම්මන්පිලය. හැබැයි ඉන්දියාවට තෙල් ටැංකි බදු දෙන යෝජනාව ගෙන ආවේත් රනිල්ය. ඒ, 2017දීය. 2017 හම්බන්තොට වරාය චීනයට බදු දෙන්න තීරණය කොට රනිල්ගේ ආණ්ඩුව ඉන්දියාව ෂේප් කරගන්න ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙන්න එකඟ විය. රනිල්ට මෙය ක්‍රියාත්මක කරගත නොහැකි විය. 2019 ගෝඨා ජනාධිපති වී උදය ගම්මන්පිල තෙල් ඇමැති කළ විට ඔහු ඉන්දියාව සමග එක්ව රනිල් නතර කරපු තැනින් මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න එකඟ විය.

හැබැයි 2017 රනිල් තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙන්න එකඟ වූ විට තෙල් ටැංකි ඉන්දියාවට විකුණනවා කියා කෑමොර දුන්නේ උදය ගම්මන්පිලලාමය. එවක විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණත් ඒ කතාවම කියා රනිල් විකුණන ජාතික සම්පත් තමන් බලයට ආ විට යළි පවරාගන්නා බව කීවේය.

හැබැයි ගෝඨා ජනාධිපති වී මහින්ද අගමැති වී තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙන යෝජනාවට එරෙහිව පොළොවේ පස් කාපු උදය ගම්මන්පිලම බදුදෙන ගිවිසුමට අස්සන් කළේය.

ගෝඨාට ගෙදර යන්න සිදුවූයේ තෙල් සහ ගෑස් හිඟය නිසා බව ඇත්තය. ඒත් ගෝඨා 2019 ජනාධිපතිවරණයට කලින් ජනතාවට දුන්න පොරොන්දු ජනාධිපති වූ පසුව කඩකිරීමත් ගෝඨාට එරෙහි වෛරයට හේතුවක් විය. ඉන් එකක් මේ තෙල් ටැංකි බදු දීමය. පොදුජන පෙරමුණට ඡන්දය දුන් අය පොදුජන විරෝධීන් හඳුන්වන්නේ ‘බයියන්’ ලෙසය. බයියෝ අන්දන එක ලේසිය. හැබැයි ඇන්දිලා කියලා බයියන්ට තේරුණාම විපාක බරපතළය. ගෝඨාට වුණේ ඒකය. බයියන්ගේ ඡන්දයෙන් ආපු ජාතික ජන බලවේගයටත් මෙය හොඳ පාඩමකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉඩම දුන්නෙ ගෝඨා! ඉස්සරහට අරන් ගියේ කංචන! අත්සන් කළේ අනුර! හම්බන්තොට තෙල් පිරිපහදුවේ ඉතිහාසය මෙන්න! හම ගියේ කාගෙවත්.. නම යන්නේ කාගෙවත්! VIDEO I Sri Lanka Latest News

Next Post

අගමැතිනිය හොඳ වැඩකට මුලපුරයි! හැබැයි කමිටුවෙන් වැඩේ ඉවර කරන්න බෑ! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.