රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි. Sri Lanka Latest News
අමාත්‍ය මන්ඩල තීරණයකට අනුව ගෙන ඇති මෙම වැඩ පිළිවෙල අනුව එම ආයතන 166 මගින් සලසන මහජන සේවාවන්හි ගුණාත්මක භාවය සහ එම සේවාවන් ලබාගැනීමේදී මහජනතාව මුහුණ දෙන ගැටලු සහ සේවාවන්හි ගුණාත්මක බව ඉහල නැංවීමට වන යෝජනා මහජනතාවගෙන් ලබා ගැනීමට එම කමිටුව තීරණය කර තිබේ.
මෙම අදහස් විමසීමට අදාළ නිර්දේශිත ආයතන එකසිය හැට හයේ නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් සබැඳියෙන් බාගත කරගත හැකි බවත් එහි සඳහන් ආකෘති පත්‍රය පුරවා මහජනයාට තම අදහස් මෙම මස 31 දක්වා මෙම කමිටුවට ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
lankadeepa










