අද (12) අලුයම මීටියාගොඩ, මහවත්ත පාර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 42ක් පමණ වූ වාද්දූව ප්‍රදේශයේ පුද්ලයෙක් එලෙස මියගොස් ඇති බවය.
පසුගිය ඔක්තෝබර් 9 වනදා රත්ගම ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නිවසක රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි සැකකටයුතු ස්ථානය පරීක්ෂා කිරීමේ දී එහි රැඳී සිටි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ද පෙරළා වෙඩිතැබීම හේතුවෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්වු බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇල්පිටිය දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරයි.










