• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරක්ෂක අමාත්‍යංශයෙන් ෆයිල් එක යවලා නෑ! ඩුබායිවලදී ඇල්ලූ පාතාල නායක හරක් කටා ලංකාවට ගෙන්න ගන්න බැරි වෙයි! නිකම්ම නිදහස් කරයි! ඇතුළේ ගේමක් ගහපු නිලධාරීන් කව්ද?

October 5, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මධූෂ්ගෙන් පසු ඩුබායි සිට පාතාලය මෙහෙයවූ  ‘හරක් කටා’ අල්ලයි! බිරියත් සමග මැලේෂියාවට පනින්න යද්දී මාට්ටු!
Share on WhatsAppShare on Facebook

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටි නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා පොලිසිය මඟින් සිය අත්අඩංගුවෙන් පෙරේදා (03) මුදාහැර ඇතැයි එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කළේය.

මෙරට මත්කුඩු ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු වූ හරක් කටා නමැත්තා එසේ නිදහස් කිරීමට මුල් වී ඇත්තේ ඔහුට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් වූ ගොනුව නිසි කලට මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් නොවීමය.

ඩුබායි වෙත යොමු කළ යුතුව තිබුණු එම ගොනුව පෙරේදා (03) වන විටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ තිබුණු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොලිස් ප්‍රධානින්ගේ රැස්වීමකදී ද අනාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එම ගොනුව සැත්තැම්බර් 18 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බව ද එහිදී අනාවරණය වී තිබිණි.

එහිදී අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන්නේ අවශ්‍ය සම්බන්ධීකරණය කරමින් කඩිනමින් එම ගොනුව ඩුබායි බලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසය.

ආරක්ෂක අමාත්‍යාංශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අතින්ම ගොස් භාර දුන් එම ගොනුව යොමු කළ යුතුව තිබුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයටය.

ඩුබායි බලධාරීන් වෙත එම ගොනුව යොමු වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය.

හරක් කටාව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගන්නේ අගෝස්තු 11 වැනිදා ඩුබායි සිට මලයාසියාව බලා යෑමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය.

ඒ ජාත්‍යන්තර පොලිසිය මඟින් ඔහුට එරෙහිව නිකුත් කර තිබුණු රතු වරෙන්තුවකට අනුවය. එසේ ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු භාවිත කරමින් සිටියේ එම්. 6692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි.

හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රකින් පෙනී සිටි හරක් කටාව එසේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් එම විදෙස් ගමන් බලපත්‍ර අංකය හඳුනාගෙන ජාත්‍යන්තර පොලිසියට කර තිබුණු දැනුම් දීමකට අනුවය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනුයේ පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් හරක් කටාගේ මත්කුඩු ජාලයට සම්බන්ධ හෙරොයින් ටොන් එකකට වඩා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවය.

එවැනි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා විට ඒ හා සමාන හෝ ඊට වැඩි ප්‍රමාණයක් මත්කුඩු මෙරටට රැගෙනවිත් ඇති බව ද අනුමාන කෙරේ.

ඉකුත් මැයි 30 වැනිදා කොළඹ බැස්ටියන් මාවතේදී එල්ලවුණු වෙඩි ප්‍රහාරයත් සමඟ හිස එසවූ පාතාලයේ වෙඩි ප්‍රහාර රැසක්ම මෙහෙයවා තිබුණේ හරක් කටාය.

හරක් කටාව ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාලයේ තැන තැන සිදු වූ වෙඩි ප්‍රහාරවල යම් අඩු වීමක් දක්නට ලැබුණු අතර මත්කුඩු හිඟයක් ද රට පුරා ඇති වී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව අදහස් හුවමාරු කර ගනිමින් හරක් කටාව නිදහස් නොකරන ලෙසත් කඩිනමින් ඔහුට එරෙහිව ඇති චෝදනා සහ අපරාධ ගැන ලේඛන ඩුබායි බලධාරීන් වෙත යොමු කරන බවටත් සඳහන් කරමින් හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරුවේය. -දිනමිණ

SendShareShare
Previous Post

තොරතුරු කෝ..? විස්තර කෝ..? වියදම් කෝ..? කියන්නකෝ..? ජනයි-ප්‍රියයි තොරතුරු ඉල්ලලා කරපු අලුත්ම වැඩේ! (VIDEO)

Next Post

අලුත් බද්දෙන් ෆෝන් මිල යළි අහස උසට යයි! ෆෝන් අරගෙන හමාරයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.