සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ක්‍රියාත්මක කිරීම තුළින් සියලුම වර්ගයේ ජංගම දුරකථන සහ උපාංගවල මිල ඉහළ යාමක් සිදුවන බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා.
වාර්ෂික පිරිවැටුම රුපියල් කෝටි 10 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා 2.5%ක බද්දක් රජය විසින් පනවන බව එම සංගමය කියනවා.
රජය විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් භාණ්ඩය පාරිභෝගිකයා වෙත ළඟා වන විට එය 5%කට ආසන්න වන අතර එමඟින් ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් ඉහළ යන බවයි සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමයේ අදහස වන්නේ.
සමාජ ආරක්ෂණ දායක මුදල් අය කිරීම 2022 ඔක්තෝබර් 01 දින සිට බලාත්මක යි.