සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ඇති බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.
එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් අද (17) පැවසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත්කරන බවය.
අනෙක් රටවල් වන්නේ, තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව වේ.
එම තීරණය අනුව අදාළ රටවලින් සංචාරකයින්/පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන අතර සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අනවශ්‍ය බව ලේකම්වරයා පැවසීය.










