ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී පැවැති රහස් ජන්දයකින් පසු අමෙරිකා එක්සත් ජනපදය යළි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇතුළත් කර ගැනීමට කටයුතු කොට ඇත.
මේ සදහා පැවැති ජන්දයෙන් රටවල් 193කින් 168ක් ඒ සදහා පක්ෂව සිය ජන්දය භාවිත කර තිබිණ.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මානව හිමිකම් කොමිසම පක්ෂපාතී බව කියමින් 2018දී ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීමට පියවර ගෙන තිබිණ.
නමුත් බයිඩන් මහතා ආරම්භයේ සිටම කියා සිටියේ තමන් නැවතත් ජිනීවා මානව හිමිකම් කොමිසම සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බවකි.