ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ලබන සතියේ එක්සත් ජනපද ඩොලර් බිලියන 3.6ක ණය පහසුකම් ගිවිසුමකට අත්සන් ගැබීමට නියමිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
වසර 20 ක කාලයක් තුළ පියවීම සදහා මෙම ණය පහසුකම ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ණය පියවීම සඳහා වසර පහක සහන කාලයක් තිබෙන බවද පැවසීය.
සිදුවිය හැකි ඉන්ධන මිල සංශෝධනය ගැන විමසීමේදී ඔහු කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 35 ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 18 ක පාඩුවක් ලබන බවයි.









