කඩවත නවය කණුව ප්රදේශයේදී අද රාත්රී සිදු වූ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය දෙදෙනා පෑලියගොඩ ප්රදේශයේ පදිංචි අවුරුදු 30ක් සහ 31ක් වයසැති පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි
එක් සිරුරක් පෑලියගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් සිරුර කොළඹ ජාතික රොහලේ තැන්පත් කර ඇත
වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නැත










