රටේ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සහ ඉදිරි දේශපාලන උපාය උපක්‍රම පිලිබදව විශේෂ සාකච්ඡාවක් සදහා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විණ.
ආණ්ඩුවේ අන්තනෝමතික හැසිරීම සහ ඊට එරෙහිව සමගි ජනබලවේගය ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබදව එහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ගෙ ඇති බව වාර්තා වේ.
ආසන මට්ටමේ විරෝධතා මාලාවක් පවත්වන්නටත් සමගි ජනබලවේගය මුල්වූ ප්‍රධාන ජාතික වේදිකාවක් නිර්මාණය කිරීමටත් එහිදී යෝජනා වී ඇති අතර ඊට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.
ආණ්ඩුව පලවා හරින “නොනවතින අරගලය” ආරම්භ කිරීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය සිය අනුමැතිය ලබා දෑ ඇති බව පැවසේ.










