• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ප්‍රභාකරන් මරපු පියවරු දෙදෙනෙක්ගේ පුත්තු දෙදෙනෙක් 2024 සටනට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

November 4, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ප්‍රභාකරන් මරපු පියවරු දෙදෙනෙක්ගේ පුත්තු දෙදෙනෙක් 2024 සටනට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1989 ප්‍රභාකරන් – ප්‍රේමදාස සාම සාකච්ඡා සඳහා ටීම් ලීඩර් හැටියට ප්‍රභාකරන් කොළඹට එව්වේ එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයාය. සාම සාකච්ඡා මේසයේදී මහත්තයා එවක ජනාධිපති ප්‍රේමදාස ගැන පැහැදුණි. ප්‍රේමදාස, මහත්තයා හමුවූ විටදී මහත්තයා අපූරු යෝජනාවක් ගෙන ආවේය.Sri Lanka Latest News

‘මමත් ඔබතුමා වගේ පොඩි පන්තියෙන් පටන්ගත් මිනිහෙක්. ඔබතුමා ආපු ගමන ගැන මම ආඩම්බර වෙනවා. මම හරි කැමැතියි ඔබතුමා එක්ක වැඩ කරන්න…’ මහත්තයා කීවේය.

‘ඔබ උතුරු-නැගෙනහිර මහ ඇමැති විය යුතුයි. මම උදව් කරන්නම්. අපි එකට වැඩකරමු…’ ප්‍රේමදාස කීවේය.

මහත්තයා සහ ප්‍රේමදාස අතර ගොඩනැගී එන සමීප සබඳතාව එල්.ටී.ටී.ඊ. සාම සාකච්ඡා නියෝජිත කණ්ඩායමට ඉව වැටිණි. ඔවුන් වහාම මේ ගැන ප්‍රභාකරන් දැනුවත් කළේය. ප්‍රභාකරන්ට සාම සාකච්ඡා වහාම නතර කරන්න ඕනෑ විය. ඒත් මහත්තයා එයට එකඟ නොවීය. මහත්තයා ඇතුළු එල්.ටී.ටී.ඊ. නියෝජිත පිරිසට වහාම උතුරට එන්න යැයි ප්‍රභාකරන් නියෝග කළේය. මහත්තයා ප්‍රභාකරන්ගේ අණට කීකරු වුණේ නැත. ප්‍රභාකරන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු නායක අමිර්තලිංගම් ඝාතනය කරන්න මරාගෙන මැරෙන බෝම්බයක් එව්වේ ඉන් පසුවය. මරාගෙන මැරෙන බෝම්බය පුපුරා අමිර්තලිංගම් ඝාතනය වන විට ප්‍රේමදාස මහත්තයා ඇතුළු නියෝජිත පිරිසට වහාම කොළඹින් පිටවෙන්න කීවේය. මහත්තයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ පැමිණි විගස ප්‍රභාකරන් මහත්තයාව නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් කළේය. ප්‍රභාකරන් ප්‍රේමදාස එක්ක වෛර බැඳගත්තේ මේ සිද්ධියෙන්ය. ඉන් ටික කලකට පසු ප්‍රභාකරන්ගේ වම් අත මහත්තයා නම් දකුණු අත වූ කිට්ටු අවි ආයුධ රැගත් නැවක නේපාලය හරහා උතුරට ළඟා වෙමින් තිබිණි. ඒ වෙනකොටත් ප්‍රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කොට තිබූ අතර, ඉන්දියාව එල්.ටී.ටී.ඊ.ය පසුපස පන්නමින් සිටියේය. ඉන්දියාවේ ඔත්තු සේවා ප්‍රේමදාසගේ ආණ්ඩුවට කිට්ටු රැගත් නැව පිළිබඳ ඔත්තුව දුන්නේය. ප්‍රේමදාස නැවට ගහලා නැව මුහුදුබත් කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාව සහ ලංකා නාවික හමුදාව ඒකාබද්ධ මෙහෙයුමකට අවසර දුන්නේය. ප්‍රභාකරන් හිතුවේ නැව ගැන ඔත්තුව දුන්නේ මහත්තයා කියාය. මහත්තයා ප්‍රේමදාසට ඔත්තුව දෙන්න ඇතැයි සැක පිට ප්‍රභාකරන් මහත්තයාව අත්අඩංගුවට ගත්තේය. පසුව මහත්තයාව ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසා ඝාතනය කරනු ලැබීය.

ප්‍රභාකරන් ප්‍රේමදාසව ඝාතනය කරන්න බාබු නම් වූ මරාගෙන මැරෙන බෝම්බකරුවා කොළඹට එව්වේ ප්‍රභාකරන් සහ මහත්තයා අතර ගැටුම නිර්මාණය කිරීම පිටුපසත්, කිට්ටු රැගත් නැව ගිනිබත් කිරීම පිටුපසත් ප්‍රේමදාස ඉන්න බවට සැකහැර දැනගෙනය. ඔහු ප්‍රේමදාස ඝාතනය කළා පමණක් නොව, ඊට කලින් ලලිත් ඇතුලත්මුදලිව ඝාතනය කොට ඒ ඝාතනය ප්‍රේමදාස පිට පැටවීය. ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්ෂය ඒ වෙලාවේ ප්‍රභාකරන්ගේ ලණුව කා ලලිත්ව මැරුවේ ප්‍රේමදාස යැයි කීවේය. හැබැයි ලලිත් ඝාතනය වී සතියකින් ප්‍රේමදාස ඝාතනය වූ විට හැමෝගේම ඇස් ඇරිණි.

ප්‍රභාකරන් හිතුවේ ප්‍රේමදාස ඉන්දියාවට එරෙහිව පාවිච්චි කරන්නටය. ප්‍රේමදාස ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි වී ඉන්දීය සාමසාධක හමුදාවට රටින් පිටවෙන්න අණ දීමෙන් පසු ප්‍රභාකරන් තමන්ගේ ගේම් ප්ලෑන් එක වැඩකරනවා යැයි සිතුවේය. ඔහු ඒ වෙලාවේ හිටියේ ඉන්දියාවත් එක්ක වෛරයෙන්ය. ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන්න ප්‍රභාකරන්ගේ කැමැත්ත ගන්න එවක ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ප්‍රභාකරන්ව විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවට ගෙන්වා ගත්තේය. රජිව් ඔහු හමුවී ගිවිසුමට එකඟ වෙන්න කීවේය. ප්‍රභාකරන් ගිවිසුමට එකඟ වීම ප්‍රතික්ෂේප කළේය. රජිව් ගිවිසුම අස්සන් කරන තෙක් ප්‍රභාකරන්ව දිල්ලි හෝටලයක නිවාස අඩස්සියේ තැබුවේය.

‘ඉන්දියාව අපිව පාවාදුන්නා. මම මේක ලේසියෙන් අමතක කරන්නෙ නෑ…’

ප්‍රභාකරන් තම සගයකුට කීවේය. ප්‍රභාකරන් රජිව් ඝාතනය කරන්න තීරණය කළේ එදාය. ඔහු එතැන් සිට රජිව් ඝාතන සැලැසුම ඇන්දේය. රජිව් තමිල්නාඩුවේ මහ මැතිවරණ රැලියකට එන්න කලින් ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. නියෝජිත පිරිසක් රජිව් හමුවෙන්න යැව්වේය.

‘මම අගමැති වූ වහාම ඔබලාගේ ප්‍රශ්නය විසඳනවා…’

රජිව් ඔවුන්ට කීවේය. රජිව් හිතුවේ එල්.ටී.ටී.ඊ.ය සනසා තමිල්නාඩු ඡන්ද ගන්නටය. ඒත් ප්‍රභාකරන් රජිව් එන්නේ මොකාටදැයි දැන සිටියේය. රජිව් අගමැති වුණොත් තමා ඉවර යැයි සිතා ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන වෙලාවේ රජිව්ගෙන් ගන්න ඕනෙ පලිය ඔහු ඒ වෙලාවේ ගත්තේය.

සෝනියා ගාන්ධි තම සැමියා වූ රජිව් ගාන්ධි මරපු පලිය ප්‍රභාකරන්ගෙන් ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රභාකරන්ට එරෙහිව යුද ප්‍රකාශ කළ අවස්ථාවේය. ඒ වෙලාවේ යුද්ධය නවතා සටන් විරාමයකට යන ලෙස තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි ඇතුළු තමිල්නාඩු දේශපාලනඥයන් උද්ඝෝෂණ කරද්දී සෝනියා ගාන්ධිගේ කොංග්‍රස් ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුවට සහාය දුන්නේය. වරක කරුණානිධි යුද්ධය නතර කරන්න ඉන්දියාව මැදිහත් නොවුණහොත් කොංග්‍රස් ආණ්ඩුව පෙරළනවා යැයි තර්ජනය කරද්දී කොංග්‍රස් ආණ්ඩුව කරුණානිධිගේ පවුලේ දූෂණ ෆයිල් පෙන්වා කරුණානිධිගේ කට වැසුවේය.

මේ වෙලාවේ යූ.ඇන්.පී.යේ නැගී එන නායකයකුව සිටි සජිත් ප්‍රේමදාසද මහින්දගේ ආණ්ඩුවේ යුද්ධයට සහාය පළ කළේය. පක්ෂය මහින්දගේ ආණ්ඩුවේ යුද මෙහෙයුම්වලට සමච්චල් කරද්දී සජිත් හමුදාව වෙනුවෙන් පෙනී සිටියේය.

2018 දී රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි කීවේ තමා සහ තම නැගණිය ප්‍රියංකා ගාන්ධි ප්‍රභාකරන් ඝාතනය වූ වෙලාවේ සතුටු නොවූ බවය. ප්‍රභාකරන්ගේ ළමයින් තුළින් තමාට තමාව පේනවා යැයි ඔහු කීවේය. ඔහු මේ කතාව කීවේ තමිල්නාඩුවට ගිහින්ය.

ප්‍රේමදාසගේ පුත් සජිත්ද 2019 ජනාධිපතිවරණයට ගොස් දෙමළ ජනතාවගේ ඡන්දය ඉල්ලුවේය. දකුණ ගෝඨාභයට ඡන්දය දෙද්දී උතුර ප්‍රභාකරන් ඝාතනය කරපු පියාගේ පුතා වූ සජිත්ට ඡන්දය දුන්නේය.

දැන් 2024 ඉන්දියාවේ මහ මැතිවරණයට ආණ්ඩුවක් පිහිටුවන්න රාහුල් ගාන්ධි සූදානම් වේ. සජිත් ප්‍රේමදාස 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති වෙන්න යළිත් ජන වරමක් ඉල්ලන්න සූදානම් වේ. මේ දෙදෙනාම ප්‍රභාකරන් ඝාතනය කළ පියවරුන් දෙදෙනකුගේ පුතුන් දෙදෙනෙකි. ඔවුන්ට දේශපාලනයට එන්න සිදුවුණේ ප්‍රභාකරන් නිසාය. ඒ වගේම ඔවුන් ආණ්ඩු බලය ගන්න යන්නේ ප්‍රභාකරන් රජ කළ තමිල්නාඩුව සහ ලංකාවේ උතුර දිනාගෙනය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හිටපු ජනාධිපති කෙනෙකුට අපලයි කියලා ජනපති මැදුරෙන් අයින් කරලා කලා භවන ළගට ගෙනත් දාපු වික්ටෝරියා රැජින අන්න එතෙනිනුත් අයින් කරලා! වික්ටෝරියා වේල්ල ගාවටම ගිහින් දාලාලු! I Sri Lanka Latest News

Next Post

ඔක්කොම මට බයයි! සිරිසේනගෙන් තව එකක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.