පාලකයන්ට අපල යැයි කියමින් ජනාධිපති මන්දිරයේ තිබී පසුව කොළඹ කලා භවන ආසන්නයට ගෙනැවිත් තබා තිබූ වික්ටෝරියා රැජිනගේ පිළිරුව එම ස්ථානයෙන්ද ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
වික්ටෝරියා රැජිනගේ මෙම පිළිරුව ඉදිකරන ලද්දේ 1897දීය. ඒ, ජෝර්ජ් එඩ්වඩ් වේඩ් නමැති බි්‍රතාන්‍ය කලාකරුවකු විසිනි. පසුව එය එවකදී ගෝඩ්න් ගාර්ඩ්න්ස් නමින් හඳින්වූ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වාසය කළ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි කිංග්ස් හවුස්හි තැන්පත් කිරීමට පියවර ගෙන තිබිණි. පසුව මෙම නිවෙස ජනාධිපති මන්දිරය බවට පත්විය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ පාලකයන්ට අපල බව පවසමින් මෙම පිළිරුව ජනාධිපති මන්දිරයෙන් ඉවත් කොට කලාභවන ආසන්නයේ තැබීමට පියවර ගෙන තිබිණි.
නමුත් සිකුරාදා (03) දිනයේදී මෙම පිළිරුව එතැනින්ද ඉවත් කොට වික්ටෝරියා වේල්ල ආසන්නයේ තැබීමට ගෙන ගොස් ඇති බව දැනගන්නට තිබේ.