සිරි දළදා වන්දනා රාජකාරි අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නොමැති බව මහනුවර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීහු පවසති.Sri Lanka Latest News
මාතලේ සහ කඩුගන්නාව යන පොලිස් ස්ථානයන්ට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන් ඍජුව සිරි දළදා වන්දනා රාජකාරීවලට සම්බන්ධ වූ නිලධාරීන් නොවන බව ඔවුහු සඳහන් කළහ.
අදාළ නිලධාරීන් දෙදෙනා රථවාහන රාජකාරී හැසිරවීම් කටයුතුවල නිරතව සිට ඇති අතර, ඉන් එක් නිලධාරියෙකු හෘදයාබාධයකින් සහ අනෙක් නිලධාරියා රිය අනතුරකින් මියගොස් ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත් දළදා මාළිගා පරිශ්‍රයේ සහ ඒ අවට රාජකාරී කටයුතුවල නිරතව සිටින පොලිස් නිලධාරීන් සිරි දළදා වන්දනා රාජකාරීවලට අනුයුක්ත විශේෂ නිලධාරීන් වන බව පොලීසිය සඳහන් කළේය.
අදාළ නිලධාරීන් සඳහා සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන රථවාහන හැසිරවීමේ නිලධාරීන් ලෙස අදාළ ප්‍රදේශවලම සේවය කළ නිලධාරීන් බව ද මහනුවර ප්‍රදේශය භාර උසස් නිලධාරීහූ පවසති.










