පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් කාශ්මීරයේ පහල්ගම්හි පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමිනි.
විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වූහ.
මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පැවසීය.
එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය
2025-04-25










