නිධානකින් ගත් දඹ රන් බුදු පිළිමයක් යැයි පවසමින් රුපියල් එක් කෝටි තිස්ලක්ෂයකට විකිණීමට ගිය බුදු පිළිමයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මැදවච්චිය, පරණහල්මිල්ලෑව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විෂේශ කාර්යය බලකාය සදහන් කරයි. (Sri Lanka Latest News)
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 28 හා 32 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. මෙම සැකකරුවන් වව්නියාවේ පදිංචිකරුවන්ය.
අද(16) අලුයම මෙම වැටලීම සිදුකර තිබුණි.
සැකකරුවන් විසින් නිධානකින් ගත් දඹ රන් බුදු පිළිමයක් යැයි පවසමින් රුපියල් එක් කෝටි තිස්ලක්ෂයකට මෙම බුදු පිළිමය විකිණීම සැලසුම් කර තිබුණි. අනතුරුව ගැණුම්කරුවෙකු ලෙස ආ පොලිස් විෂේශ කාර්යය බලකා නිලධාරින් එම බුදු පිළිමය අලවි කිරීමට සූදානම් වන අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.
උස අගල් 05 ක් පමන වන මෙම බුදු පිළිමය කිලෝ 01 ග්‍රෑම් 546 ක් බර ඇත.
සැකකරුවන් සහ බුදු පිළිමය පූනෑව පොලිසිය වෙත වැඩිදුර පිරික්ෂණ කටයුතු සඳහා බාරදී තිබේ.
dinamina










