මෙරට තුල ඉන්ධන බෙදාහැරීම සඳහා නැවත QR ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (16) පැවසීය. (Sri Lanka Latest News)
ආණ්ඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව QR ක්‍රමවේදය නැවත ගෙන ඒම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ මේ දක්වා කර නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය
පලස්තීනය සහ ඊශ්‍රායලය අතර මේ වන විට පවතින යුධමය තත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවිය ඇති වේ යයි අනුමාන කර ආණ්ඩුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය නැවත ගෙන ඒමට සූදානම් වන වන බව ඇතැම් සමාජමාධ්‍ය පළකර තිබුණි.
lankadeepa










