• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1. ට්‍රම්ප් දිනනවා… 2. ඉරානෙට ගහනවා…. 3. ට්‍රම්ප් පරදිනවා….! චීන නොස්ට්‍රාඩමස්ගේ අනාවැකි දෙකක් හරි! තුනත් හරියයිද…? Sri Lanka Latest News

March 14, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
1. ට්‍රම්ප් දිනනවා… 2. ඉරානෙට ගහනවා…. 3. ට්‍රම්ප් පරදිනවා….! චීන නොස්ට්‍රාඩමස්ගේ අනාවැකි දෙකක් හරි! තුනත් හරියයිද…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘තව මාස 6කින් ඇමෙරිකාවේ මහ මැතිවරණය 2024 නොවැම්බර් මාසයේදී පවත්වනවා. අපි මේ ගතකරන්නේ 2024 මැයි මාසයයි. මුළුමහත් ලෝකයම මෙවර ඇමෙරිකානු මහමැතිවරණය දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනවා. එයට හේතුව ලෝකයේ ප්‍රධාන බලවතා ඇමෙරිකාව ලෙස පිළිගැනීමයි. මෙම වටපිටාව යටතේ අද මම ඇමෙරිකානු මහ මැතිවරණයට අදාළව යම් සුවිශේෂ අනාවැකි තුනක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙවර එම මැතිවරණයෙන් දැනට සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා විශාල පරාජයකට ලක්වී අපේක්ෂක සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජයග්‍රහණය කරනවා. එනම් ඔහු දෙවැනි වතාවටත් ඇමෙරිකානු ජනාධිපති ධුරයට පත්වෙනවා. එසේම ඔහු ජනාධිපති වී ඉතා කෙටි කාලයක් තුළදී ඉරානය සමග යුද්ධයකට පැටලෙනවා. මෙම යුද්ධය ඉතා දීර්ඝ කාලයක් ඇදීයන එකක් වන එතර, එය ඇමෙරිකාවට ඉතා අවාසිදායක තත්ත්වයක් උදා කරනවා…’Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන සුවිශේෂ කතාන්දරය? මෙය දුටු විට අපට සැණෙන් හැඟීයන්නේ මෙම කතාව යම් අයුරකින් අතීතයක් මතකයට නැංවීමකි. එය සැබෑවකි. එනම් මෙම වතගොත අපට අසන්නට ලැබුණේ හරියටම පසුගිය 2024 වසරේ මැයි මාසයේ දිනයකදීය. දැන් එසේනම් එය කියා සිටියේ කවරකු විසින්ද? අනාවැකි තුනක් ලෙසින් ප්‍රකාශිතවූ එම කතාව කියා සිටියේ ලොව ප්‍රකටව සිටින එක්තරා විද්වතකු විසිනි. චීන සහ කැනේඩියානු ජාතිකයකු වන මොහුගේ නාමය වන්නේ ජියාන්ග් සික්වින් (Jiang Xueqin)ය. මොහු චීනයේ උපත ලබා ඇති අතර, කුඩා කාලයේදීම තම පවුලේ සාමාජිකයන් සමග කැනඩාවට සංක්‍රමණය වී ඇත. පසුකාලීනව ඔහු උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ ලොව ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලය (Yale University – USA)තුළින් වන අතර, දැනට ඔහු චීනයේ උසස් අධ්‍යාපනයට අදාළව මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. චීනයේ පීකින් විශ්වවිද්‍යාලයේ සහ තවත් උසස් අධ්‍යාපන ආයතන කීපයකම සේවය කළ ඔහු ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතවද කටයුතු කර ඇත. මහාචාර්ය ජියාන්ග් සික්වින් මෙලෙස පරිණත බුද්ධියක් ඇති විද්වතකු වන අතර, ඔහුගේ අනෙක් සුවිශේෂ ලක්ෂණය වන්නේ විවිධ අනාවැකි ප්‍රකාශ කිරීමට ඇති දුර්ලභ හැකියාවයි. ඉහත මෙම ලිපියේ ආරම්භයේදී සිදුකර තිබෙන ප්‍රකාශය එය මනාව සනාථ කරයි. එනම් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අදාළව එම ප්‍රකාශය සිදුකර තිබිණි.

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. මෙලෙස මහාචාර්ය ජියාන්ග් සික්වින් පසුගිය 2024 වසරේදී ප්‍රකාශ කළ අපූරු අනාවැකි දෙස නැවත හැරී බලමු. පුදුමයකි. ඔහුගේ අනාවැකි තුනෙන් දෙකක්ම අද කියන මෙම දිනයේදී සත්‍යයක් බවට පත්ව ඇත. එනම් ඒවා සවිස්තරාත්මකව බලමු.

■ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත දෙවැනි වතාවටත් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීම. ඔහු ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබුණු අතර, මෙවර 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්විය.
■ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනාධිපති වී (2025 ජනවාරි සිට) මාස දෙකක් යන විටදීම ඉරානය සමග දරුණු යුද්ධයකට පැටලීම. එනම් මේ වනවිට මෙම නවතම යුද්ධයට සති දෙකක කාලයක්ද ගතවී ඇත.
■ තෙවැනි අනාවැකිය ලෙස මෙම ඇමෙරිකා-ඉරාන යුද්ධයෙන් ඇමෙරිකාවට අවාසිදායක තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ප්‍රකාශ විය. එසේම එම යුද අර්බුදය ඉතා දීර්ඝකාලීන එකක් යැයිද ප්‍රකාශ කෙරිණි. දැනට යුද්ධය සජීවීව පැවතෙමින් ඇත.

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. එනම් දැන් මහාචාර්ය ජියාන්ග් සික්වින්ගේ අනාවැකි තුනෙන් සත්‍ය වීමට ඇත්තේ එක් අනාවැකියක් පමණි. ‘යුද්ධයෙන් ඇමෙරිකාව පරාජයට පත්වීම’ යන්න එම සුවිශේෂ ආන්දෝලනාත්මක කතාව වෙයි. ඉතින් සත්‍ය ලෙසම එය සිදුවන්නේද? කෙසේ හෝ මේ වනවිට එම මතය ගැන කිසිවිටෙකත් තීරණයක් ගත නොහැකිය. එහෙත් ඉහත විද්වතාගේ අනාවැකි දෙකක්ම දැනට සත්‍ය වී ඇති හෙයින් ඉතිරි අනාවැකියද අනිවාර්යයෙන්ම සත්‍ය වන බවට බොහෝ පිරිස් කරුණු අවධාරණය කරති. කෙසේ හෝ සිදුවන්නේ කුමක්දැයි අපි දෙනෙත් හැර බලා සිටිමු.

අද ලෝකයේ බොහෝ දෙනකු මහාචාර්ය ජියාන්ග් සික්වින් හඳුන්වනු ලබන්නේ චීනයේ නූතන ‘නොස්ට්‍රාඩමස්’ ලෙසිනි. නොස්ට්‍රාඩමස් යනු මෙයට වසර 500කට පමණ පෙර මෙලොව ජීවත්වූ ප්‍රකට ගුප්ත ශාස්ත්‍රඥයකු සහ ප්‍රවීණ අනාවැකිකරුවෙකි. දැනට 50 වැනි වියේ පසුවන මහාචාර්ය ජියාන්ග් සික්වින්ද මෙලෙස ලොව පුරා මහත් ප්‍රකටත්වයට පත්ව සිටින්නේය. එලෙස වන්නේ කුරිරු යුද්ධයෙන් මුළුමහත් ලෝකයම බැටකන මොහොතක ඉදිරියේදී යුද්ධයට සිදුවන්නේ කුමක්දැයි සියල්ලන්ම අවිනිශ්චිතව බලාසිටින හෙයිනි. මෙම වටපිටාවේදීද අපගේ ශ්‍රී ලංකාවද මෙම ආදීනවයට මුහුණ දී සිටී.

මේ වනවිට මහාචාර්ය ජියාන්ග් සික්වින් තමන්ගේ යූටියුබ් චැනලයක් හරහාද අලුත් අදහස් ප්‍රකාශ කරයි. ඔහුගේ මෙම නාලිකාවට ප්‍රේක්ෂකයන් ලක්ෂ 17ක් පමණ සිටිති. මෙම විද්වතා ප්‍රකාශ කර ඇත්තේ ඉරානය වසර 20ක් පුරා මෙම යුද්ධයට ඉතා සාර්ථක සැලසුමක් සකස් කළ බවයි. මොහු මෙම අනාවැකි ප්‍රකාශ සිදුකරන්නේ එක්තරා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන ‘මනෝ ඉතිහාසය’ (Psychohistory)Jiang Xueqin යන සිද්ධාන්තය මත සිට යැයි කරුණු ප්‍රකාශ වෙයි. කෙසේ හෝ සත්‍යය දොරකඩටම පැමිණ ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දියගමට ගිනිතිබ්බ ත්‍රස්තවාදියා කවුද? Sri Lanka Latest News

Next Post

මෙහෙම ගියොත් නං ‘නැකැත් පත’! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.