• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දියගමට ගිනිතිබ්බ ත්‍රස්තවාදියා කවුද? Sri Lanka Latest News

March 14, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
දියගමට ගිනිතිබ්බ ත්‍රස්තවාදියා කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ඉන්න මිනිසුන්ගෙන් ඉතා සුළු පිරිසක් තමයි ගහකොළ, සතා සිවුපාවුන්ට, පරිසරය රැකගැනීමට සක්‍රීය දායකත්වයක් දක්වන්නේ. බහුතරයක් ඉන්නේ ඒවා විනාශ කරන්න සැදීපැහැදී ඉන්න අය. කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් නැතුව ඉතා අමාරුවෙන් රැකගැනීමට වෙහෙස දරන මේ පරිසර පද්ධතිය අකාලයේ විනාශ කරන්න මොකක් හෝ අලකලංචියක් කරන්න බලාගෙන ඉන්න පාරිසරික ත්‍රස්තවාදීන් පිරිසක් ගැන කැලෑ කොලමේ අපට තොරතුරක් ලැබුණා.Sri Lanka Latest News

දියගම තෙත් බිම් වනාන්තර පද්ධතිය ගිනිතබා විනාශ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක් පසුගියදා වාර්තා වුණා. පරිසර ක්‍රියාකාරීන් කීපදෙනකු හා යුද හමුදා නිලධාරීන්, සෙබළුන් හා අනෙකුත් අයගේ උපරිම උත්සාහයෙන් සිදුවන්නට ගිය මේ මහා විනාශය යම් පමණකින් හෝ වළක්වා ගැනීමට එම පිරිසට හැකි වුණා. මිනිස්සු පරිසරයට මෙතරම් වෛර කරන්නේ ඇයි? පරිසරය රැකගන්නට උත්සාහ කරන තරුණ කණ්ඩායමකට සහයෝගය නොදී විවිධ අඩන්තේට්ටම් කරන්නේ ඇයි? මෙකී සිද්ධිය ගැන අදහස් දක්වන්නට ‘ග්‍රීන් ජැකට්’ සංවිධානයේ ප්‍රකාශකයකු හා සාමාජිකයකු අප හා සම්බන්ධ වුණා. මේ ඔහු කියන සිද්ධියේ ඇතුළාන්තයයි. අපි දැන් ඔහුගේ කතාවට ඇහුන්කම් දෙමු.

අහිංසක සතුන් දහස් ගණනකගේ නිවහන වූ දියගම වැසි වනාන්තර පද්ධතියට ගිනිදැල් ඇවිළුවේ කවුද?

පසුගිය දිනක දහවල් කාලයේ දියගම වනාන්තරයේ හල්වක්කඩ පාර ප්‍රදේශය කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් ගිනි තබා විනාශ කර තිබිණි. පසුව දහවල් දෙකට පමණ අපිට ලද තොරතුරු අනුව දියගම ක්‍රීඩා සංකීර්ණ අධ්‍යක්ෂ ජනරාල්තුමාව දැනුවත් කිරීමෙන් පස්සේ යුද හමුදා නිලධාරීන් හා පරිසරහිතකාමීන් කීපදෙනෙක් එකතු වී ගින්න නිවා දැමීමටත් ගින්න වනාන්තරයේ අනෙක් ප්‍රදේශවලට පැතිරීම වළක්වා ගැනීමටත් අපි උපරිම උත්සාහයක් ගත්තා. මේ සඳහා යුද හමුදා නිලධාරීන් යොදවපු ක්‍රීඩා සංකීර්ණ අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් ස්තුතිය හා සහභාගි වූ අනෙකුත් පොදු මහජනතාවටත් අපි ස්තුතිය පළ කරනවා.

මෙම ගින්න හේතුවෙන් දියගම වනාන්තරයේ සමනලුන් බහුල ප්‍රදේශයේ කොටසක් විනාශ වී ඇති අතර, ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති තලන් වැනි ශාකවල පැළ විශාල ප්‍රමාණයක් ගිනිගෙන අළු වී තිබෙන බව අපිට දැකගැනීමට හැකි විය. එමෙන්ම මෙම ප්‍රදේශයේ සමනල විශේෂවල කෝෂ හා උභයජීවී විශේෂවල බිත්තර මෙන්ම කුරුලු කැදලි බොහෝමයකට ගින්න නිසා අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති වී තිබීම නොඅනුමානයි.

මීට අමතරව තවදුරටත් මෙහි ජෛව විවිධත්වයට හානි සිදුවෙමින් පවතී. දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු වන සතුන් 200කට අධික සංඛ්‍යාවක් හා ශාක විශේෂ 130කට අධික ජෛව විවිධත්වයක් පවතින මෙම වටිනා වනාන්තර ප්‍රදේශය අනාගත දරු පරම්පරාව උදෙසා රැකගැනීමට අපි කටයුතු කළ යුතු නොවන්නේද? මෙම වනාන්තරයේ හල්වක්කඩ පාර අසල මීට දින කිහිපයකට පෙරද ගිනිතබා තිබූ අතර එය වනාන්තරය තුළට පැතිරී නොතිබිණි. නමුත් දෙවැනි වරට සිදුවූ මෙම ගිනිතැබීම හිතාමතා සිදුකළ එකක්ද යන්නත් ගැන අපට සැක මතුවී තිබේ.

උණහපුළු පැටවුන් බඩේ දරාගත් අහිංසක අම්මලා ඇතුළු සතුන් දහස් ගණනකගේ නිවහන වන මෙම වැසි වනාන්තරය ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවා විනා එය ගිනිතබා විනාශ කිරීම මහා අපරාධයක් බව අපගේ හැඟීමයි. එය මහා පාපයක් බවද නොකියාම බැරිය. එමෙන්ම දියගම වනාන්තරය තුළට මේ වනවිට අනවසර ඇතුළුවීම් සිදුවන අතර ඇතැම් ප්‍රදේශවල අඩි පාරවල් විශාල වී පවතින බවද නිරීක්ෂණය වී ඇත. එබැවින් දියගම වනාන්තරයට අනවසරයෙන් සිදුවන ඇතුළුවීම් නතර කර දැමීමට වනාන්තරය වටා ආරක්ෂිත වැටවල් ඉදිකිරීම හෝ සැලසුම්සහගත ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ඉදිරි කාලය තුළදී නොගත්තොත් වනාන්තරයේ ජෛව විවිධත්වය සුරැකීමට අප හා බලධාරීන් ගන්නා උත්සාහය ගඟට කැපූ ඉනි බවට පත්වීම නොවැළැක්විය හැකිය.

තත්ත්වය එසේ හෙයින් ඉදිරි කෙටි කාලය තුළදී දියගම වැසි වනාන්තර පද්ධතිය නිසි කළමනාකරණයකින් යුතුව රැකගැනීමට බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ ඇස් මේ වෙත යොමුවේවායි අපි ඉල්ලා සිටින අතර, ඒ සඳහා අවශ්‍ය වන ඕනෑම සහයෝගයක් ලබාදීමට අප සංවිධානයේ සාමාජිකයන් හා ප්‍රදේශයේ පරිසරහිතකාමී ජනතාව සැදීපැහැදී සිටින බවද සඳහන් කළ යුතුය.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

විජිත විජිතයට සුද්දො හරස් වෙයි! Sri Lanka Latest News

Next Post

1. ට්‍රම්ප් දිනනවා… 2. ඉරානෙට ගහනවා…. 3. ට්‍රම්ප් පරදිනවා….! චීන නොස්ට්‍රාඩමස්ගේ අනාවැකි දෙකක් හරි! තුනත් හරියයිද…? Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.