විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයා වෙත බාර දෙනු ලැබීය.
මෙම අවස්ථාවට විපක්ෂනායකවරයා සමග ලක්ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකීර් මාකාර්, ගයන්ත කරුණාතිලක සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුද එක්ව සිටියහ.
ඒ අනුව හෙට දිනයේ සිට ඊට අස්සන් තැබීමට නියමිතය.










