‘ගෝඨාගෝගම’ විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකිමට පියවර ගෙන තිබිණ.
රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සංඝ සම්මුති ආඥාවක් නිකුත් කරන ලෙස නියෝජිතයෝ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.
රාජපක්ෂ පවුලේ උදවියට ලබා දී ඇති ගෞරව නාම ඉවත් කරන ලෙසද එම පිරිස මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.
රාජපක්ෂ පවුල විසින් පවත්වනු ලබන හෝ ඊට සම්බන්ධ කිසිදු ආගමික උත්සවයකට සහභාගි නොවන ලෙස ද මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.










