ලබන වසරේ සිට නව බදු දෙකක් වශයෙන් ධන බද්ද සහ උරුම බද්ද හදුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.Sri Lanka Latest News
බදු ආදායම රජය අපේක්ෂා කළ මට්ටමක නොපැවතීම මෙසේ නව බදු පැනවීමට හේතුව යි.
නව බදු පිළිබද යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ, රටේ මූල්‍ය තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා අළුතින් පත්කරන ලද පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවක් මගිනි.
මෙම නව බදු අය කර ගැනීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ වගකීම මුදල් අමාත්‍යංශයට පැවරේ.
රාජ්‍ය වියදම රාජ්‍ය ආදායමට වඩා ඉහළ මට්ටමක පැවතීම, රජය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ කාලය තුළ රජයේ ආදායම් සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 1.24 කි.










