වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ හේතුවෙන් මේ වනවිට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අප වාර්තාකරු පැවසීය.
පැහැරගත් මන්ත්රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් මන්ත්රීවරු 22ක් තේරී පත්වී තිබුණි.










