කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර සිදුවී ඇතැයි පැවසෙන ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.Sri Lanka Latest News
එම අධිකරණ පරිශ්‍රයේදී මේ සිද්ධියවී ඇතැයි පැවසෙන්නේ පෙරේදා(2) දහවල් කාලයේදීය.
ගුටිබැට හුවමාරුවෙන් පසු එම දෙදෙනාම රෝහල්ගතවී සිටින බව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇති බවද ඔහු සඳහන් කළේය.
එම අධිකරණයේ නීතිඥවරුන් දෙදෙනකු අතර මීට මාසයකට පමණ පෙරදීද නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් මත ගුටි බැට හුවමාරුවක් සිදුවූ බව පොලිසිය පවසයි.









