මෙතෙක් සුරක්ෂා රක්ෂණය මගින් සිසු මරණයකදී ලබා දුන් ලක්ෂ 2ක රක්ෂණාවරණය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම දෙමාපිය මරණයකදී මෙතෙක් පැවැති රුපියල් දෙලක්ෂයක ප්‍රතිලාභ හිමිකමද ‘අඩු ආදායම්ලාභී පවුල් සදහා පමණක්’ යනුවෙන් සංශෝධනය වී තිබේ.
මුලින් පෞද්ගලික රක්ෂණ ආයතනයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.










