මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා අද පෙරවරුවේ හබරණ පොලියට භාර වී ඇත.
එහිදී මේජර්වවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
පසුගිය 23 වනදා රාත්‍රියේ වනජිවි නිලධාරින් රාජකාරියේ යෙදී සිටියදී අනවසරයෙන් උද්‍යාන භූමියට ඇතුළු වූ යුද හමුදා වාහන දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම සිද්ධිය ඇති වූ බවට වාර්තා විය.
සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා සහ සෙසු සැකකරුවන් ඔවුන් පැමිණි වාහන ද සමග වහාම අත්අඩංගුවට ගන්නැයි ඊයේ(30) අධිකරණය නියෝග කර තිබිණ.










