පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ජනාධිපතිවරයාට සහ අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
අපි මැතිවරණ කොමිෂන් සභාවට ආවේ අපි දැක්ක පහුගිය දින ටිකේම ප්‍රබල දේශපාලන පක්ෂ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරනවා.
එක පැත්තකින් ජනාධිපතිවරයා අපේක්ශකයෙක් විදියට ඉදන් තරුණ සේවා සභාවේ දේපල අවභාවිත කරනවා තරුණ සම්මේලනයක් පවත්වමින්.
ජනාධිපතිවරයා තරුණ සේවා සභාවේ සභාපතිවරයා යොදා ගනිමින් තමන්ව ප්‍රවර්ධනය කරන්න කියලා මැතිවරණ නීති උල්ලංඝනය කරනවා.
ඒ වගේම ජාතික ජනබලවේගය විසින් අපි දැක්කා මාතලේ ජාත්‍යන්තර පෝසිලින් සමාගමේ සේවකයින් නිල ඇදුම් දාගෙන ප්‍රදේශයේ මැතිවරණ කටයුතු වල යෙදිලා තිබුනා.
මේ පිලිබඳව මැතිවරණ කොමිසමේ අවදානම යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.










