පාකිස්ථානය තුළ mpox වෛරසය පැතිරීමේ බියක් පවතින බව වාර්තා වනවා. (Sri Lanka Latest News)
එරට මාධ්‍ය වාර්තා කරන්නේ, පෙෂාවර් ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බවයි.
පෙෂාවර් ගල්ෆ් කලාපයෙන් පැමිණෙන රෝගීන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ බියක් පවතින බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෑතක දී ගල්ෆ් කලාපයෙන් ආපසු පැමිණි 47 හැවිරිදි පුද්ගලයෙක් වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු වී තිබුණා.
ඔහුව හඳුනා ගැනුණේ, අගෝස්තු 29 වැනි දින වන අතර දේශසීමා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් ඔහුව හුදකලා කර තිබෙනවා.
ඒ අනුව mpox වෛරසය තවදුරටත් සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පෙෂාවර් හි වෛරසය නැවත හිස ඔසවමින් සිටීම බරපතල කාරණයක් බව ද ඔවුන් පෙන්වා දෙනවා.
hirunews










