• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවා පාසලේදී අසනීප වී රෝහල්ගත කළ බවට මවුපියන්ට දුරකතන ඇමතුම් දී සල්ලි ගරන ජාවාරමක මහමොළකරුවන් දෙන්නා අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

November 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුරුවරයෙක් ලෙස පෙනීසිටිමින් පාසල් දරුවන් සිටින තෝරා ගත් නිවාසවලට දුරකතන ඇමතුම් දෙමින් දරුවා අසනීප වී පුද්ගලික රෝහලකට ඇතුළත් කළ බව මාපියන්ට පවසා දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හදිසි ශල්‍යකර්මක් කළ යුතු බවත් ඉක්මනින්ම ඒ සඳහා මුදල් බැංකු ගත කරන ලෙස බිය ගන්වමින් මුදල් වංචා කළ කල්ලියක ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර ගිරාඳුරුකෝට්ටේ මිල්ලත්තෑව මෙත්මල්ගම පදිංචි ගුවන් හමුදාවේ වැඩ අංශයේ සේවයේ නිරතව සිටි ගුවන් හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක්ද සිටින බව පොලිසිය කියයි. ඔහු අවුරුදු 25ක් වයසැති අයෙකි. සෙසු සැකකරු වන්නේ ගිරාඳුරුකෝට්ටේ, හොබරියාව, ජයන්තිපුර පදිංචිකරුවෙකි. මෙම සැකකරු අවුරුදු 37ක් වයසැති අයෙකි.

මවුපියන් රවටා මුදල් ගරාගන්නා මෙම කල්ලියට සම්බන්ධ සැකකරුවෙක් මෙයට පෙර පමුණුගම පොලිසියේ නිලධාරීන් ද අත්අඩංගුවට ගෙන තිබුණි. එම පුද්ගලයා ද ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවෙකි. මවුපියන් බියගන්වා ලබාගන්නා මුදල් එම පුද්ගලයාගේ ගිණුමට බැරකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ගම්පහ, ජා-ඇල, කඳාන, පමුණුගම, වීරඟුල, පූගොඩ හා පේරාදෙණිය යන පොලිස් වසම්වල පදිංචි පාසල් දරුවන්ගේ මවුපියන්ට දුරකතන ඇමතුම් දෙමින් මෙම ජාවාරම්කරුවන් විසින් රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් සිය බැංකු ගිණුම්වලට බැරකරගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙසේ මෙම සැකකරුවන් මුදල් බැරකර ගන්නේ ගිරාඳුරුකෝට්ටේ පිහිටි බැංකුවක ගිණුමකට බව රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විකාශයකදී දින කිහිපයකට පෙර සඳහන් වී තිබුණි. ඒ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදේශ් චතුරංග මහතාගේ විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ එම දුරකතන ඇමතුම් දෙන පුද්ගලයා ගොත ගසමින් එම ඇමතුම දෙන අයුරු රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය මඟින් විකාශය කළ හඬ පටයෙන් ඇසීමෙනි.

ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අවධානයට යොමුවී ඇත්තේ වසර එකහමාරකට පෙර මිනුවන්ගොඩ පදිංචි විශ්වවිද්‍යාල සිසුවෙකුගේ දෙමාපියන් බිය ගන්වා රුපියල් 50,000ක මුදලක් ඉල්ලා සිටීමකට ගිරාඳුරුකෝට්ටේ පදිංචි පුද්ගලයෙක් හසුවී තිබීම හේතුවෙනි. එම පුද්ගලයා ගොත ගසමින් කතා කළ අයෙක් වූ බැවින් පොලිස් ස්ථානාධිපතිවරයා බුද්ධි අංශ නිලධාරීන් යොදා එම පුද්ගලයා ගැන තොරතුරු සොයා බැලීමට පියවර ගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එම ප්‍රවෘත්තිය විකාශය වීමත් සමඟ අදාළ පුද්ගලයා නිවසින් අතුරුදන්ව සිටින බවය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා එම පුද්ගලයා සම්බන්ධයෙන් අවධානයෙන් සිට පසුගිය 17 වෙනිදා සවස ගිරාඳුරුකෝට්ටේ ජයන්තිපුර පදිංචි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ගුවන් හමුදාවෙන් පළාවිත් සිටින සෙබළාව අත්අඩංගුවට ගෙන තිබේ.

මවුපියන් බිය ගන්වා මුදල් බැර කරගෙන ඇත්තේ බැංකු දෙකක ගිණුම් දෙකකටය. රුපියල් ලක්ෂ 25කට වැඩි ප්‍රමාණයක් එම බැංකු ගිණුම් දෙකට බැරවී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ස්ථාවර දුරකතනවලට අහඹු ලෙස ඇමතුම් ලබා ගන්නා බවය. එහිදී එම නිවැසියන් සමඟ සමීක්ෂණයක් සඳහා තොරතුරු ලබා ගන්නා ආකාරයට පවුලේ තොරතුරු ලබා ගන්නා බව ද ඔහු පොලිසියට පවසා ඇත. දරුවා පාසලේදී රෝගී වී රෝහල් ගතකළ බව සඳහන් කරමින් ඔහු දෙමාපියන්ට ඇමතුම් ලබා දෙන්නේ එම තොරතුරු මඟින් බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

dinamina

SendShareShare
Previous Post

ජනවාරි පළමුවැනිදා ඉඳන් 18%ක වැට් බද්දෙන් පෙට්‍රල්-ඩීසල්-භූමිතෙල් ආපහු වැඩිවෙනවා! වැඩි කරන වැට් බද්ද වහාම නවත්වන්න! සජබයෙන් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක්! VIDEO I Sri Lanka Latest News‍

Next Post

ලෝකප්‍රකට Nas Daily Vlog නිර්මාණකරු ලංකාවට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.