• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කව්ද ITN එක තෝරගත්තේ? කාගෙද ITN එක? ඒක පිටිපස්සෙ ඉන්නෙ කව්ද? කව්ද සුදර්මන් රදළියගොඩ කියන්නේ? මාලිමාවේ ආර්ථික කණ්ඩායම විවාදෙට එන්නෙම නෑ! සෙමි ගහන්නෙ නැතිව කොහෙද මහත්තයෝ ෆයිනල් ගහන්නේ? රනිල්ගේ ගුබ්බෑයමට රිංගලා රාජපක්ෂලාගේ ගෝලයොත් එක්ක හක හක බක බක ගාලා තනි පුටුවක ඉඳගෙන ගත්ත සිඟිති ආතල් එක හිරිකිතයිනේ..! අනුර කියන්නේ රනිල්ගේ පිනුම් අප්පු කෙනෙක් ‌කියලා ඔප්පු වුණා! සජිත්ට ගහන්න රනිල්-මහින්ද-අනුර තුන්දෙනාම ඩීල් එකක කියලා ඔප්පු වුණා! තුෂාරත් අනුරගේ ඩීල් එක එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

June 8, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂවරු සජිත් ප්‍රේමදාස මහතාව අපහසුතාවයට පත් කරන්න ස්වාධීන රූපවාහිනි සේවයට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අපහසුතාවයට පත් වුණේ අනුර කුමාර දිසානායක මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය. Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව සඳහන් කළේය.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු අතර ඩීල් දේශපාලනය සහ රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක තිබෙන ඩීල් දේශපාලනය අද වනවිට සනාථ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර , රාජපක්ෂ යන කඳවුරු තුනම එකතුවී කඳවුරු බඳිමන් සිටින බවත් තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.

මෙම විවාදය ස්වාධීන රූපවාහිනි සේවයේ පවත්වන්න කටයුතු සුදානම් කර තිබෙන බවට වන ලිපියේ පිටපතක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යවා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් මෙම විවාදයට සම්බන්ධ කරගැනීමේ ගැටලුවක් තිබෙන බවත් මෙම විවාදය පිළිබඳව සිදුවුණ කිසිම සාකච්ඡාවක දෙපාර්ශ්වයම යොමු කළ ලිපි හුවමාරු වලදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් සම්බන්ධ වුණේ නැති බවත් ස්වාධීන රූපවාහිනි සේවයේ තිබෙන දේශපාලන සාකච්ඡා පවත්වන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයාව දැනුම්වත් කරලාද කියන ප්‍රශ්නය මතුවන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ අනුර කුමාර දිසානායකගේ ඩීල් එක මෙයින් හොඳට පැහැදිලි වන බවත් තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා මෙසේ පැවැසීය,

 ‘‘ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ආර්ථික අර්බුදය. රාජපක්ෂවරු විසින් බරපතල ආර්ථික අර්බුදයකට රට යොමුකරලා තිබෙන අවස්ථාවක අර්ථික අර්බුදය කළමනාකරණය කළ හැකි දේශපාලන පක්ෂය කුමක්ද කියන ප්‍රශ්නය අද රටේ ජනතාව තුළ ඇතිවෙලා තිබෙනවා. 

කාලයෙන් කාලයට රට තුළ විවිධ අර්බුද නිර්මාණය වුණා. එක්තරා කාලයක රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඊට පස්සේ රටේ සෞඛ්‍ය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. වර්තමානයේ රට තුළ තිබෙන දැවැන්ත ප්‍රශ්නය වන්නේ ආර්ථික අර්බුදය.

ජාතික ජනබලවේගය සතුව හොද ආර්ථික වැඩපිළිවෙළක් තිබෙන බවත් ආර්ථික විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සිටින බවත් ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළි‍වෙළ යටතේ ආර්ථිකයට අවශ්‍ය වන විසඳුම් ලබාදෙන බව පාර්ලිමේන්තුවේදීත් මාධ්‍ය තුළදීත් අනුර කුමාර දිසානායක මහත්තයා ප්‍රකාශ කරලා තිබුණා.

රටේ තිබෙන ආර්ථික අර්බුදය කළමනාකරණය කරන ආකාරය පිළිබඳව සහ ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළි‍වෙළ පිළිබඳව සමගි ජනබලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ විවාදයක් කරන්න ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ආරාධනා කළා.

සමගි ජනබලවේගයේ ආර්ථික කණ්ඩායම ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න සහ කබිර් හෂීම් යන තිදෙනාගෙන් සමන්විතයි. මේ තිදෙනා සමඟ ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට විවාදයකට පැමිණිනෙ ලෙස මුලින්ම ආරාධනා කළෙත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා. එසේ ආරාධනය කළ අවස්ථාවේ ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා පැවැත්විය යුත්තේ ආර්ථික කමිටු විවාදයක් නොව පක්ෂ දෙකේ නායකයින් දෙපළ අතර විවාදයක් කියලා. ඒ වගේම හරිනි අමරසූරිය කිව්වා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර දිසානයක අතර විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහවත් සම්බන්ධ කර ගත යුතුයි කියලා.

ආර්ථිකය , අධ්‍යාපනය , සෞඛ්‍ය , සමාජ සේවය , කෘෂිකර්මාන්තය සහ රටක් පාලනය කිරිමට තිබෙන සමස්ත ක්ශ්‍රේත්‍ර පිළිබඳව ප්‍රතිපත්තියක් වගේම දැක්මක් තිබෙන පුද්ගලයෙක් තමයි නායකයෙක් කියන්නේ. ඒ අනුව පක්ෂ දෙකේ නායකයින් දෙපළ අතර විවාදයක් පවත්වනවානම් එම විවාදය හරයක් ඇතිව පැවැත්විය යුතුයි.නායකයෙක් කියන්නේ එක් විෂයක් පිළිබඳ පමණක් දැනුමක් තිබිය යුතු පුද්ගලයෙක් නෙවෙයි. නායකයෙකු කියන්නේ දර්ශනයක් තිබෙන පුද්ගලයෙක්.

ඒ අනුව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නැවත පැහැදිලි කරමින් ජාතික ජනබලවේගයට ලිපියක් යොමු කළා රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ආර්ථිකය අර්බුදය. ඒ නිසා ආර්ථික කමිටු විවාදයෙන් පසු පක්ෂ දෙකේ නායකයින් දෙපළ අතර විවාදයක් පවත්වන්න හැකි යනුවෙන්. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා 2024.04.09 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරලා තිබුණා.

ඒ වගේම විවාදය පැවැත්විය යුතු ස්ථානය , නාලිකා පිළිබඳව පොදු එකඟතාවයක් අවශ්‍ය බව සඳහන් කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා 2024.04.24 වැනිදා ජාතික ජනබලවේගයට නැවත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

විවාදය මැයි මාසය තුළ පැවැත්වීම සඳහා දෙපාර්ශ්වයම සාකච්ඡා කර එකවර දින නියම කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ මේ පිළිබඳව සාකච්ඡා කර ගත හැකි බවට වන ලිපියක්ද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගයට යොමු කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගය අතර පැවැත්වෙන විවාද සඳහා ස්වාධීන මැදිහත් පාර්ශ්වයක් ලෙස කටයුතු කරන ලෙස දන්වා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට 2024.04.26 වැනිදා ලිපියක් නිකුත් කරනවා.

ඉන් පසුව ආර්ථික කමිටු විවාදය 2024 මැයි 20 සිට 25 යන දිනවලත් නායකයින් අතර විවාදය මැයි 26 සිට මැයි 31 අතර දිනවල පැවැත්වීමට යොජනා කරන බවත් විවාද සඳහා ස්වාධීන මැදිහත් පාර්ශ්වයක් සම්බන්ධ කර ගත යුතු බවත් විවාදය පිළිගත් මාධ්‍ය නාලිකාවක හෝ නාලික මගින් විකාශනය කිරිම සිදුකළ යුතු බවත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගයේ වෛද්‍ය නලින් ද ජයතිස්සට ලිපියක් මගින් දැනුම් දෙනවා.

ආර්ථික කමිටු අතර විවාදය මැයි 27 සිට 28 , 29 , 30 , 31 යන දිනවලදී හෝ නායකයින් දෙපළ අතර විවාදය ජුනි මස 3,4,5,6 හෝ 7 යන දිනවලදී පැවැත්වීමට යෝජනා කරමින් 2024.05.17 වැනිදා නැවත නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගයේ වෛද්‍ය නලින් ද ජයතිස්සට ලිපියක් මගින් දැනුම් දෙනවා.

මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක අතර පැවැත්වීමට නියමිත විවාදය ජුනි මාසයේ 6 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහභාගි වන ලෙස දන්නවා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලිපියක් යොමු කරනවා. 2024.06.04 තමයි මේ ලිපිය යොමු කරලා තිබෙන්නේ.

නායකයින් දෙපළ අතර විවාදයක් පැවැත්වීමට කවුද ස්වාධීන රූපවාහිනි සේවයට මේ කොන්ත්‍රාත්තුව භාර දුන්නේ. දෙපාර්ශ්වය එකතු වෙලා සාකච්ඡා කරලද විවාදය සඳහා ස්වාධීන රූපවාහිනි සේවය තෝරා ගත්තේ. මේ විවාදය සඳහා කිසිදු මැදිහත්කරුවෙකු තෝරා ගැනීමකින් තොරව තමයි ස්වාධීන රූපවාහිනි සේවය මේ ආරාධනය කරලා තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනි සේවයේ පවත්වන විවාදය මෙහෙයවන්නේ සුදර්මන් රදලියගොඩ. සුදර්මන් රදලියගොඩ කියන්නේ වංචා දූෂණ චෝදනා එල්ල වුණ පුද්ගලයෙක්. ස්වාධීන රූපවාහිනි සේවය කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තිබෙන නාලිකාවක්.

ඒ වගේම මේ විවාදය ස්වාධීන රූපවාහිනි සේවයේ පවත්වන්න කටයුතු සුදානම් කර තිබෙන බවට වන ලිපියේ පිටපතක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යවලා තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් මේ විවාදයට සම්බන්ධ කරගන්නේ ඇයි?. මේ විවාදය පිළිබඳව සිදුවුණ කිසිම සාකච්ඡාවක දෙපාර්ශ්වයම යොමු කළ ලිපි හුවමාරු වලදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් සම්බන්ධ වුණේ නැ. අනිත් එක ස්වාධීන රූපවාහිනි සේවයේ තිබෙන දේශපාලන සාකච්ඡා පවත්වන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයාව දැනුම්වත් කරලද? මෙයින් හොඳට පැහැදිලි වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ අනුර කුමාර දිසානායකගේ ඩීල් එකක් කියලා.

පළමුව ආර්ථික කමිටුව අතර විවාදයත් දෙවනුව නායකයින් දෙපළ අතර විවාදයත් යන කාරණය ජාතික ජනබලවේගය විසින් බැහැර කර ඇතිබවත් ජුනි 6 වැනිදා ස්වාධීන රූපවාහිනි සේවයේ සංවිධානය කර තිබෙන විවාදයට සහභාගි වීමට නොහැකි බවත් විවාදය සඳහා ඉදිරිපත් කළ කිසිදු ඉල්ලුමක් කොන්දේසියක් ඉටු වී නැති බවත් විවාදය සඳහා ස්වාධීන මැදිහත්කරුවෙකු සම්බන්ධ වෙලා නෑ. ඒ නිසා සමගි ජනබලවේගය විවාදයට සම්බන්ධ වෙන්නේ නෑ කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ස්වාධීන රූපවාහිනි සේවයට ලිපියක් යොමු කරනවා.

අනුර කුමාර දිසානායකට යම් කීර්ති නාමයක් තිබුණානම් ස්වාධීන රූපවාහිනි සේවයේ පැවැති විවාදයෙන් පසුව ඒ කීර්ති නාමය විනාශ වෙලා ගියා. රනිල් වික්‍රමසිංහගේ ආයතනයක ගිහින් රාජපක්ෂලාගේ ගෝලයොත් එක්ක ගත්ත වින්දනය හිරිකිතයි. ඒ බව රටේ ජනතාවට තේරුම් ගිහින් තිබෙනවා.

පළමුව ආර්ථික කමිටුවත් දෙවනුව නායකයින් අතර , දෙපාර්ශ්වය සාකච්ඡා කර තෝරාගන්නා මාධ්‍ය නාලිකාවක සහ විවාදය සඳහා ස්වාධීන මැදිහත් පාර්ශ්වයක් මේ කොන්දේසි තුනම උල්ලංඝනය වෙලා තිබෙනවා. නැවත ආර්ථික කමිටු හෝ නායකයින් දෙපළ අතර විවාදයක් පැවැත්වුවොත් ඒ සඳහා සහභාගි වෙන්න සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදානම්. නමුත් මේ කොන්දේසි මත තමයි සහභාගි වෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු සජිත් ප්‍රේමදාස මහත්තයාව අපහසුතාවයට පත් කරන්න හිතාගෙන ස්වාධීන රූපවාහිනි සේවයට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අවසානයේ අපහසුතාවයට පත් වුනේ අනුර කුමාර දිසානායක. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු අතර දේශපාලන ඩීල් එකක් තිබුණ බව කතා වුණා දැන් ඒ කතාව සනාථ වෙලා තිබෙනවා. අනුර කුමාර සහ රාජපක්ෂවරු අතර ඩීල් එකක් තිබෙනවා කියලා 2005 ජනාධිපතිවරණයේ දී තහවුරු වුණා. මොවුන් අතර විවිධ අවස්ථාවල දේශපාලන ඩීල් ක්‍රියාත්මක වුණා. අද වනවිට සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර , රාජපක්ෂ යන කඳවුරු 3 නම එකතුවෙලා කඳවුරු බඳිමන් පවතිනවා. ‘‘

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ITN එකට ආවාට ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමැති සේමසිංහ අනුරට ස්තූති කරයි! I Sri Lanka Latest News

Next Post

රාජිත රනිල්ට සෙට් වෙයි! රාජිතවත් එක්කගෙන රනිල් ෆැක්ටරියක් විවෘත කරන්න යයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.