රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය සම්පූර්නයෙන්ම දේශපාලනීකරණයට ලක්වී ඇති බවත් එය කාලයක් පුරා සිදුවී ඇති බවත් සමහර පුද්ගලයන් ක්‍රීඩාවේ නිරත නොවූවත් තනතුරු ලබා ගැනීම තුළ ක්‍රීඩාව විනාශ වී ඇති බැවින් මේ දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
තමා ක්‍රිකට් ගැන කතා කරනවා වැඩි යැයි දෝෂා රෝපණය කරන බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති මෙන්ම රසිකයකු ලෙස තමා මෙන්ම ලක්ෂ 220ක් ජනතාව පවා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති බවත් එය රටේම ජනතාවගේ ආදරයට ලක්වූ දෙයක් බැවින් ඒ ගැන කතා කරන්න කිසිවකුගෙන් අවසර නොගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කුසලා සරෝජනී වාර්තාව, චිත්‍රසිරි වාර්තාව, විගණන වාර්තා ඇතුළු වාර්තා 3ක් තිබුනත් ඒවා වාරණයට ලක් වී ඇති බවත් ඒ වාර්තාවල ක්‍රිකට් හි අඩුපාඩුකම්, අඩුලුහුඩුකම්, දූෂණ, වංචා, මූලය අක්‍රමිකතා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතා කරන්න අයිතියක් ඇති බවත් එය කාලය කා දැමීමක් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දූෂණය සම්බන්ධයෙන් කප් ගහපු පුද්ගලයන්ට දූෂණය ගැන කතා කිරීම වරදක් විය හැකි බව යි.
රට බංකොලොත් වීමත් ක්‍රිකට් විනාශ වීමටත් හේතුව දූෂණය බවත් ක්‍රිකට් හි දූෂණයට එරෙහිව යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම එයට පක්ෂව අදහස් දක්වා යෝජනා ස්ථිර කළත් එයට උපකාරි කළ ඇමතිවරයා ගෙදර යැවීමට රජය කටයුතු කළ බවත් මේ වන විට ක්‍රිකට් හොරු යහතින් සිටින බවත් පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් ලැබෙන්නේ අපේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට්වලට ආදරේ ජනතාව නිසා වුවත් ක්‍රිකට් පරිපාලනය හිතාගෙන ඇත්තේ එම මුදල් ලැබෙන්නේ ඔවුන්ට කියා බවත් එයත් හරියට යුද්දෙට නායකත්වය ලබා දුන් රජපක්ෂ පවුල රට සින්නක්කරව ලියා ගත්තා සේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ගැන අදහස් දක්වමිනි.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෝහාරික විගණනයක් අවශ්‍ය බවට යෝජනාවක් ගෙන එන බවත් මිස්ටර් ක්ලීන් නමින් ප්‍රචලිත වී ඇති ජනාධිපතිවරයාට මෙය සිදු කළ හැකි බවත් එසේ සිදු කර නිර්දේශපාලීකරණයට යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඇවිටිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් තහනම් වූ බවත් මේ රටේ පුරවැසියන්ට ජාත්‍යන්තරයට ලියුම් ලියා රටේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්න හැකියාවක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් වත්මන් ක්‍රීඩා ඇමතිවරයා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම රෝෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සජබ වරමින් ආපු කෙනෙක් නොවන බවත් ඔහු 68 ලක්ෂයේ වරමින් ආපු කෙනෙක් නමුත් එසේ 68 ලක්ෂයේ වරමින් ආපු ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට්වල හොරකම් ගැන හෙළි කිරීම නිසා ගෙදර යාමට සිදුවූ බවත් ඔහු ගෙදර ගිය නමුත් හියුමන්ඉමියුනිග්ලොබින් වලින් , පිලිකා බෙහෙත්වලින් හොර කාපු ඇමැතිට තවත් ඇමැතිකමක් ලැබීලා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. තවද රෝෂාන් රණසිංහ ගෙදර යැව්වට ඔහු ගියේ මහ ජනතාව සහ ක්‍රීඩා ලෝලීන් අතරට බවත් 68 ලක්ෂය දැන් පුස්සක් වී ඇති බැවින් ක්‍රිකට් ක්‍රිඩාව ගොඩගන්න ජාති පක්ෂ කුල භේද නැතුව එකතු වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.










