ට්‍රම්ප් පරිපාලනය විසින් කියුබාව වෙත එල්ල කර ඇති දැඩි ආර්ථික සහ දේශපාලනික පීඩනය හමුවේ එරටට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා සඳහා ඉන්ධන ලබා දීම අත්හිටුවීමට කියුබානු රජය තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
කියුබාවට ඉන්ධන සපයන ඕනෑම රටකට එරෙහිව බදු පැනවීමට ජනාධිපති ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගය මීට හේතුවයි.
එමෙන්ම අමෙරිකා හමුදා මැදිහත් වීමෙන් වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ බලයෙන් ඉවත් කිරීමත් සමඟ කියුබාවට ලැබුණු ප්‍රධානතම තෙල් සැපයුම් මාර්ගය ඇහිරී ගොස් තිබෙනවා.
අමෙරිකානු බදු පැනවීමේ තර්ජන හමුවේ කියුබාවට තෙල් සැපයූ මෙක්සිකෝව ද සිය සැපයුම් නතර කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ වනවිට කියුබාව තුළ දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, පැය 15-20 දක්වා වන විදුලි කප්පාදු සහ ආහාර හිඟයක්ද උද්ගතව ඇති බව සඳහන්.
මෙවන් පසුබිමක් තුළ මෙක්සිකෝව විසින් මෙට්‍ර්ක් ටොන් 800කට වැඩි අත්‍යාවශ්‍ය ආහාර රැගන් නෞකා දෙකක් කියුබාව වෙත එවීමට පියවර ගෙන තිබෙනවා.
මූලාශය : Aljazeera










