ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය ඇතුළු රටවල් කිහිපයක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් යළි කැඳවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.Sri Lanka Latest News
ජුලි චන්ග් මහත්මියගේ නිල කාල සීමාව අවසන් වී බොහෝ කල්ගත වී තිබුණද ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා ලෙස ට්‍රම්ප් පරිපාලනය විසින් නම් කර එවූ එරික් මේයර් මහතාගේ නාමයෝජනාව සදහා අත්සන් තැබීම ආණ්ඩුව පැත්තෙන් ප්‍රමාද වී තිබිණ.
ඒ බව අප වරක් රාජ්‍ය රහස් තීරයේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු.
නමුත් නව තානාපතිවරයාගේ පත්වීම් ලිපියට අත්සන් තැබීම ලංකාවේ පාර්ශ්වයෙන් දිගින් දිගටම ප්‍රමාද වෙමින් පැවැති අතර මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය හෝ එම කටයුත්ත ඉක්මන් කිරීමට ක්‍රියාකොට තිබූ බවක් දැනගන්නට නැත.
ඒ අනුව පසුගිය සදුදා දින මෙරට අමෙරිකානු තානාපතිවරිය වන ජුලී චන්ග් මහත්මියට වොෂින්ටනයට කැදවා තිබූ අතර එහිදී ඇය ලබන මැයි මාසය දක්වා ලංකාවේ රැදී සිටීමට අනුමැතිය ඉල්ලා ඇති බවක් ආරංචිය.
නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇති ට්‍රම්ප් පරිපාලනය වහාම ඇයව ලබන ජනවාරි 16 වන දිනට ප්‍රථම නැවත අමෙරිකාවට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කොට ඇති බවක් දැනගන්නට ඇත.










