නුවරඑළිය නගර සීමාවට හා අවට ප්‍රදේශයන් වන හාවාඑළිය රාගල මීපිළිමාන පට්ටිපොළ ශාන්තිපුර හා මාගස්තොට ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාවෙන් සාර්ථකව වැවුණු අස්වැන්න නෙලා ගැනීමට දින කිහිපයක්ම ඉතිරිව ඇති වගා බිම් රැසක් හා නුවරඑළිය මීපිළිමාන පට්ටිපොල ප්‍රධාන මාර්ග හා නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී තිබීමක් දක්නට ලැබේ.Sri Lanka Latest News
මේ හේතුවෙන් ගොවිජනතාව දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව හා එදිනෙදා සාමාන්‍ය කටයුතුවලදී හා ගමනාගමන කටයුතු වලදී දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවී ඇති බව ගොවිමාතුන් සහ මහජනතාව මැසිවිලි නගති ,
මෙවන් තත්ත්වයක් හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අධික වර්ෂාව හේතුවෙන් නාය යෑම් අවදානම් තත්ත්ව පවතින ස්ථානයන්හි සුපරික්ෂාකාරිව කටයුතු කරන ලෙස හා ජල ගැලීම් සිදුවන ස්ථානයන්හි ජලය නිසි අන්දමින් බැස යාමට අවශ්‍ය කටයුතු පරිස්සම්කාරීව සිදු කරන ලෙසයි .
රථ වාහන ගමනාගමනයේදී සහ මාර්ගයන්හි ගමන් කරනන විට මාර්ග ලිස්සන සුළු තත්ත්වයෙන් හා මීදුමෙන් වැසී ඇති තත්වයක් පවතින බැවින් කල්පනාකාරීව කටයුතු කරන ලෙස නුවරඑළිය රථවාහන පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් සහ මං මාවත්වල ගමන් ගන්නා මගින්ගෙන් ඉල්ලා සිටි.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය










