හැටන් දික්ඔය නගර සභාව විසින් නගර සභා සීමාව තුළ එකතු කරන අපද්‍රව්‍ය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉස්ටදන් වතු යායට යාබද ඇති නගර සභාවට අයත් ගිනිගෙන විනාශ වූ පැරණි තානායම ගොඩනැගිල්ලේ ගොඩගැසී ඇති අතර එම ස්ථානයේ හැටන් නගරයේ නගර සභාවෙන් එක්රැස් කරන අපද්‍රව්‍ය ද ගෙනවිත් ගොඩ ගසා ඇත.Sri Lanka Latest News
එමඟින් ඉස්ටදන් වතුයය වතු කම්කරුවන් මහජනතාවට සහ මාර්ගයේ ගමන් කරන වාහන රියදුරන්ට දුර්ගන්ධය හේතුවෙන් විවිධ අපහසුතාවයන් ඇතිව තිබෙන බව මැසිවිලි නගති .
හැටන් දික්ඔය නගර සභාව විසින් එකතු කරන අපද්‍රව්‍ය එම ප්‍රදේශයට බැහැර කිරීමෙන් එම ප්‍රදේශවල දුර්ගන්ධයක් සහ මැස්සන් විශාල සංඛ්‍යාවක් සහ මදුරුවන් බෝවන බවත් මහජනතාව චෝදනා නගති ,
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට පිසූ ආහාර අනුභව කිරීමට හෝ නිදා ගැනීමට නොහැකි වන අතර පිසූ ආහාර ආරක්ෂිතව ගබඩා කළ නොහැකි තත්වයක් පවතී.
ඩෙංගු සහ මැලේරියාව වැනි රෝග පැතිරීමට මෙය හේතු වී ඇති බව වාර්තා වේ.
මේ අතර හැටන් කොළඹ, හැටන් මහනුවර සහ නාවලපිටිය ප්‍රදේශවලට බස් රථවලින් ගමන් ගන්නා මගීන්ට මෙම දුර්ගන්ධය හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට හා සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව වාර්තා වේ.
මෙලෙස හැටන් දික්ඔය නගර සභාව මාර්ගය දෙපස බැහැර කරන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් පියවර ගන්නා ලෙස මහජනතාව වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය










