ඉන්ධන මිල පහළ හෙළිම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ජාවක් අද (24) දිනයේ පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව හෙට (25) දිනයේ බොහෝ දුරට තෙල් මිල පහත දැමෙනු ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවට සම්බන්ධ වී ඇති අගමැතිවරයාද ප්‍රකාශ කොට ඇත්තේ තෙල් මිල වැඩි කළ ප්‍රමාණය බොහෝ වැඩි බව තමන්ටද හැගෙන බවකි.
මීට පෙර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණි විගස තෙල් මිල අඩු කරනු ඇති බවකි.










