තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවයි.
දුමින්ද සිල්වා මහතාට නිදහස හිමිවීමෙන් පසු මෙම වර්ජනය ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.










