හෙට (20) දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි.Sri Lanka Latest News
සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ.
නැවත පාසල් ආරම්භය සැප්තැම්බර් 23 වන දිනයේදී සිදුවන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.










