සක්වල වැඩසටහන යටතේ අද (29) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 271 වන සුහුරු පන්ති කාමරය ගම්පහ අත්තනගල්ල නිට්ටඹුව කිත්තම්මහර මහා විද්‍යාලයටත්, 272 වැන්න ගම්පහ ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලයටත්, 273 වැන්න ගම්පහ මහර වත්තල හුණුපිටිය ඒඩේරමුල්ල ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.