ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු මෙරට ශාසනික සේවාවන් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇත. (Sri Lanka Latest News)
ඒ අනුව, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද (30) රාත්‍රීයේ වීථි සංචාරය කෙරේ.
පසුගිය 21 වැනි දා ඇරඹි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය සැලකෙනේනේ මෙරට මහා කලා මංගල්‍යය ලෙසයි.
මේ අතර අවසන් රන්දෝළි පෙරහැර හේතුවෙන් අද දිනය පුරා මහනුවර නගරයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.
පෙරහැර නැරඹීමට යන සැදැවතුන් වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ 04 වැනි රන්දෝලි පෙරහර ඊයේ (29) රාත්‍රීයේ වීදි සංචාර කළේ ය.
දළදා කරඬුව වැඩම කරනු ලැබුවේ, රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තිරාජයායි.










